Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 5:6 - Sinhala New Revised Version

6 ඒ මිනිසා හාන්සි වී සිටිනු ජේසුස් වහන්සේ දැක, ඔහු බොහෝ කලක් එහි සිටි බව දැන, “ඔබ සුව වීමට කැමැති දැ”යි ඔහුගෙන් ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

6 යේසුස්වහන්සේ ඔහු දැක, දිගු කලක් ඔහු එසේ වැතිර සිටි වග දැන, “ඔබ සුවය ලබන්නට කැමති දැ?” යි ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඒ මිනිසා හාන්සි වී සිටිනු ජේසුස් වහන්සේ දැක, ඔහු බොහෝ කලක් එහි සිටි බව දැන, “ඔබ සුව වීමට කැමැති දැ”යි ඔහුගෙන් ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ඔහු ඔත්පළව ඉන්නවා යේසුස්වහන්සේ දැක, ඔහු දැනට බොහෝ කලක සිට ඒ ආකාරව සිටි බව දැන: නුඹ සුවය ලබන්ට කැමැත්තෙහිදැයි ඔහුගෙන් ඇසූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 5:6
9 හුවමාරු යොමු  

මන්ද, අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව, හැම අයුරින් ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි.


“මා ඔබට කුමක් කර දෙනවාට කැමැත්තෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. “ස්වාමීනි මාගේ පෙනීම මට ලබා දුන මැනවැ”යි ඔහු කී ය. ජේසුස් වහන්සේ කතා කරමින්,


උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.


උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, ‘මට ප්‍රේම කරන්නෙහි දැ’යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: “ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ”යි කී ය. “මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟට පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්, ඔව්හු මට යාච්ඤා නොකළහ. ඔවුන් හමුවීමට මා සූදානම් ව සිටි නමුත් ඔව්හු මා නොසෙවූ හ. ‘මම මෙහි ය, මම මෙහි ය’ කියා පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්, මේ ජාතිය මට යාච්ඤා නොකළහ.


මාගේ සිත මා තුළ මලානික වූ කල මා යන මඟ ඔබ දන්න සේක. මා යන මඟෙහි ඔව්හු මට මලපතක් තැබුවෝ ය.


හෙල් පිටත්, එළිමහනේත් ඔබේ පරදාරකම් ද වෙළඹකගේ මෙන් හේෂාරවය කිරීම් ද ඔබේ දුරාචාර ද සල්ලාලකම් ද සමිඳාණන් දැක ඇති බැවින් ඉශ්රායෙල් ජනයෙනි, ඔබට වන විපතක මහත! කවදා ඔබ පිරිසිදු වන්නහු ද?”


එහි තිස් අට අවුරුද්දක් රෝගී ව සිටි එක් මිනිසෙක් විය.


රෝගියා උන් වහන්සේට උත්තර දෙමින්, “ස්වාමීනි, වතුර කැළඹෙන විට මා පොකුණට බස්වන්නට කිසිවෙක් නැත. මා එන අතර, අන් කෙනෙක් මට පළමුවෙන් බසින්නේ ය”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්