යොහන් 16:19 - Sinhala New Revised Version19 ඔවුන් තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට අදහස් කළ බව ජේසුස් වහන්සේ දැන, මෙසේ ඔවුන්ට වදාළ සේක: “ ‘ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු’යි මා කී මේ කරුණ ගැන ඔබ එකිනෙකා විචාරන්නහු ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය19 ඒ ගැන තමාගෙන් අසන්නට ඔවුන්ට ඕනෑ වග දැනගත් යේසුස්වහන්සේ, “ඔබ එකිනෙකාගෙන් අසන්නේ, ‘ස්වල්ප වේලාවකින් ඔබට තවත් මා දකින්නට නො ලැබෙයි; යළි තවත් ස්වල්ප වේලාවකින් ඔබ මා දකිනු ඇත’ කීමෙන් මා අදහස් කළේ කුමක් ද කියා නො වේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 ඔවුන් තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට අදහස් කළ බව ජේසුස් වහන්සේ දැන, මෙසේ ඔවුන්ට වදාළ සේක: “ ‘ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු’යි මා කී මේ කරුණ ගැන ඔබ එකිනෙකා විචාරන්නහු ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 තමන්ගෙන් අසන්ට ඔවුන් කැමති බව යේසුස්වහන්සේ දැන, ඔවුන්ට කියනසේක්: ස්වල්ප වේලාවකින් නුඹලා මා නොදක්නහුය, නැවත ස්වල්ප වේලාවකින් නුඹලා මා දකින්නහුයයි මා කී කාරණය ගැන නුඹලා එකිනෙකා විචාරවුද? පරිච්ඡේදය බලන්න |
උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, ‘මට ප්‍රේම කරන්නෙහි දැ’යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: “ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ”යි කී ය. “මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.