Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 1:25 - Sinhala New Revised Version

25 ඔව්හු ප්‍රශ්න කරමින්, “ඉදින් ඔබ ක්‍රිස්තුස් වත්, එලියා වත්, ඒ දිවැසිවරයා වත් නොවන්නෙහි නම්, බව්තීස්ම-ස්නාපනය කරන්නේ කුමක් නිසා දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

25 ඔහු අමතමින්, “ඔබ ක්‍රිස්තුස්වහන්සේවත්, එලියාවත්, දිවැසිවරයාවත් නො වේ නම්, ඔබ බව්තීස්ම කරන්නේ මොකදැ?” යි ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඔව්හු ප්‍රශ්න කරමින්, “ඉදින් ඔබ ක්‍රිස්තුස් වත්, එලියා වත්, ඒ දිවැසිවරයා වත් නොවන්නෙහි නම්, බව්තීස්ම-ස්නාපනය කරන්නේ කුමක් නිසා දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 එවිට ඔව්හු කථාකොට: ඉඳින් නුඹ ක්‍රිස්තුස්වත් එලියාවත් අනාගතවක්තෘවත් නොවේ නම් බව්තීස්ම කරන්නේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 1:25
10 හුවමාරු යොමු  

නුඹේ සහෝදර ජනතාව අතරෙන් නුඹ හා සමාන දිවැසිවරයෙකු තෝරා පත් කොට, ඔහු කිය යුතු දේ ඔහුට කියා දෙන්නෙමි. ඔහුට මා අණ කරන සියල්ල, ඔවුන්ට ඔහු දන්වනු ඇත.


දෙවි සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් ද ඔබේ සහෝදර ජනතාව අතරෙන් ද මා හා සමාන දිවැසිවරයෙකු පත් කරන සේක. ඔබ ඔහුට සවන් දිය යුතු ය.


“මේ මිනිසාගේ නාමයෙන් නූගන්වන ලෙස අපි ඔබට අණ කෙළෙමු. එහෙත් ඔබ, ඔබගේ මේ ධර්මය ජෙරුසලම පුරා පතළ කර, මේ මිනිසාගේ මරණය ගැන අප වගකිව යුත්තන් කරන්නට අදහස් කරන්නහු දැ”යි ඇසූ හ.


උන් වහන්සේ දේව මාලිගාවට ඇතුළු ව උගන්වමින් සිටිය දී නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද උන් වහන්සේ වෙතට අවුත්, “ඔබ මේ දේ කරන්නේ කුමන අධිකාරි බලයකින් ද? මේ බලය ඔබට පැවරුවේ කවරෙක් දැ”යි ප්‍රශ්න කළහ.


පාපෝච්චාරණය කරමින්, ජොර්දාන් ගංගාවෙහි ඔහු අතින් බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.


සමූහයෝ ද, “මෙතුමාණෝ ගලීලයේ නාසරෙත් නුවර දිවැසිවර ජේසුස් වහන්සේ ය”යි පිළිතුරු දුන්හ.


එවන ලද සමහරෙක් පරිසිවරු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්