Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 8:21 - Sinhala New Revised Version

21 “තවමත් ඔබට තේරුම් ගියේ නැද්දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 “තවමත් ඔබට වැටහෙන්නේ නැද්දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 “තවමත් ඔබට තේරුම් ගියේ නැද්දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 නුඹලාට තවම තේරෙන්නේ නැද්දැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 8:21
10 හුවමාරු යොමු  

ඔවුන්ගේ මනස අඳුරු වී තිබිණි. මක්නිසා ද රොටි පිළිබඳ සිද්ධිය ඔවුන්ට අවබෝධ නොවූ බැවිනි.


උන් වහන්සේ හද පත්ලෙන් බලවත් ලෙස සුසුම් ලා, “මේ පරම්පරාව හාස්කමක් සොයන්නේ මන් ද? සැබැවින් ම මම ඔබට කියමි, මේ පරම්පරාවට හාස්කමක් නොදෙනු ලැබේ ය”යි වදාරා,


සිහිකල්පනාවෙන් සිටින්න. පව් නොකරන්න. ඔබෙන් සමහරෙකු දෙවියන් වහන්සේ ගැන දන්නා දෙයක් නැත. මා මෙය කියන්නේ ඔබ ලජ්ජාවට පමුණුවනු පිණිස ය.


මෙය මොන නින්දාවක් ද? ඇත්තට ම සහෝදරයන් අතර ආරාවුලක් විසඳීමට සමත් එක නැණවතෙක් වත් ඔබ අතර නැද් ද?


ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “පිලිප්, මෙපමණ කලක් මා ඔබ සමඟ විසූ නමුදු, තවමත් ඔබ මා හඳුනන්නේ නැද් ද? මා දුටු තැනැත්තේ, පියාණන් වහන්සේ දුටුවේ ය. එසේ නම්, ‘පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනවැ’යි ඔබ කියන්නේ කෙසේ ද?


උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “අහෝ! ඇදහිලි හීන පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? ඔහු මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.


ජේසුස් වහන්සේ එපවත් දැන, “රොටි නැති නිසා ඔබ අතරේ විවාද කරන්නේ මන් ද? ඔබට තව ම තේරුම් පැහැදුම් නැද් ද? ඔබේ සිතත් අඳුරු වී ඇද් ද?


මෝඩයෙනි, තියුණු නැණනුවණ ලබාගැන්මට ඉගෙනගන්න: ආඥානයෙනි, ඔබ කවර දා නැණවත්හු වන්නහු ද?


ඔව්හු බෙත්සයිදාවට පැමිණියහ. එවිට ඇතැමෙක් උන් වහන්සේ වෙත අන්ධයෙකු ගෙනවුත් ඔහු පිට අත් තබන මෙන්‍ ආයාචනා කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්