Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 3:6 - Sinhala New Revised Version

6 එවිට පරිසිවරු පිටත් ව ගොස් උන් වහන්සේ කෙසේ නසමු දැ යි උන් වහන්සේට විරුද්ධ ව හෙරෝදීයයන් සමඟ එකෙණෙහි ම කුමන්ත්‍රණය කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

6 පරිසිවරු පිටත්ව ගොස්, එකෙණෙහිම හෙරෝදියයන් සමඟ රැස් වී, උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි කුමන්ත්‍රණ කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එවිට පරිසිවරු පිටත් ව ගොස් උන් වහන්සේ කෙසේ නසමු දැ යි උන් වහන්සේට විරුද්ධ ව හෙරෝදීයයන් සමඟ එකෙණෙහි ම කුමන්ත්‍රණය කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ඵරිසිවරු පිටත්ව ගොස් උන්වහන්සේ නසන්නේ කෙසේද කියා උන්වහන්සේට විරුද්ධව හෙරෝදිවරුන් සමඟ එකෙණෙහිම මන්ත්‍රණයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 3:6
10 හුවමාරු යොමු  

එවිට පරිසිවරු නික්ම ගොස් උන් වහන්සේ නසන්නේ කෙසේ දැ යි කුමන්ත්‍රණය කළහ.


ඔව්හු හෙරෝදිවරුන් සමඟ තමන්ගේ ගෝලයන් උන් වහන්සේ වෙත යැවූ හ. ඔව්හු කතා කොට, “ගුරුදේවයෙනි, ඔබ අවංක කෙනෙකු බවත්, දෙවියන් වහන්සේගේ මාර්ගය හරි ලෙස උගන්වන බවත්, මිනිසුන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොතකන බවත් අපි දනිමු.


වචනයකින් උන් වහන්සේ අසු කර ගන්නා පිණිස ඔව්හු පරිසිවරුන්ගෙන් ද හෙරෝදිවරුන්ගෙන් ද සමහරෙකු උන් වහන්සේ වෙත යැවූ හ.


උන් වහන්සේ කතා කොට, “සිහි කල්පනාවෙන් යුතුව, පරිසිවරුන්ගේ මුහුන්වලින් ද හෙරොද්ගේ මුහුන්වලින් ද පරෙස්සම් වන්නැ”යි ඔවුන්ට අණ කළ සේක.


නායක පූජකයෝ ද විනයධරයෝ ද උන් වහන්සේ නැසීමට උපා සෙවූ හ; එසේ කෙළේ ඔවුන් ජනතාවට භයින් සිටි බැවිනි.


එවිට ඔව්හු කෝපයෙන් උමතු වී, “ජේසුස් වහන්සේට කුමක් කරමු දැ”යි තම තමන් අතර කතා කරගන්නට වූ හ.


එබැවින් එදා පටන් ඔව්හු උන් වහන්සේ මරන්නට කුමන්ත්‍රණය කළහ.


ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබගේ දාසයා වූ ද අපගේ පියා වූ ද දාවිත් රජුගේ මුඛයෙන් කතා කරමින්, ‘විජාතීන් කෝප වූයේ කුමට ද? ජනයන් නිෂ්ඵල උපා යෙදූයේ කුමට ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්