Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 3:28 - Sinhala New Revised Version

28 “සැබැවින් ම මම ඔබට කියමි, මිනිසුන්ගේ සෑම පාපයන් ද සියලු ආකාර දේව අපහාසයන් ද කමා කරනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

28 සැබවින් ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය-පුත්‍රයින්ගේ සියලු පාප හා ඔවුන් පවසන දේවාපහාස ඔවුන්ට කමා කරනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 “සැබැවින් ම මම ඔබට කියමි, මිනිසුන්ගේ සෑම පාපයන් ද සියලු ආකාර දේව අපහාසයන් ද කමා කරනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 සැබවක් නුඹලාට කියමි–මනුෂ්‍ය පුත්‍රයන්ට ඔවුන්ගේ සියලු පව්ද ඔවුන් දෙවියන්වහන්සේට කරන සියලු ආකාර අපහාසද කමාකරනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 3:28
8 හුවමාරු යොමු  

ඔහු උන් වහන්සේගේ නාමයට අපහාස කළ බැවින් මරණයට පත් කළ යුතු ය. විදේශිකයෙක් වේවා, දේශයේ උපන් තැනැත්තෙක් වේවා, ඔහු දෙවියන් වහන්සේගේ නාමයට අපහාස කළොත්, මුළු ජනතාව එවැන්නෙකුට ගල් ගසා ඔහු මරණයට පත් කළ යුතු ය.


එකල විනයධරයන්ගෙන් ඇතැමෙක්, “මොහු දෙවියන් වහන්සේට අපහාස කරන්නේ ය”යි තමන්ට ම කියාගත්හ.


මනුෂ්‍ය-පුත්‍රයාණන්ට විරුද්ධ ව යමක් කියන කවරෙකුට වුව ද කමාව ලැබෙන්නේ ය; එහෙත් ශුද්ධාත්මයාණන්ට, විරුද්ධ ව අපහාස කරන්නාට නම් කමාවක් නොලැබෙන්නේ ය.


යමෙකු තම සහෝදරයා මරණීය නොවන පාපයක් කරන බව දුටුවොත්, ඔහු යාච්ඤා කෙරේ වා! එවිට, එය මරණයට නොපමුණුවන පාපයක් නම්, දෙවියන් වහන්සේ ඔහුට ජීවනය දෙන සේක. මරණයට පමුණුවන පාපයක් ඇත්තේ ය. ඒ ගැන ඔබ යාච්ඤා කළ යුතු යයි මම නොකියමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්