Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 14:69 - Sinhala New Revised Version

69 ඒ තරුණිය නැවතත් ඔහු දැක, “මොහු ඔවුන්ගෙන් කෙනෙකැ”යි ළඟ සිටියවුන්ට කියන්නට පටන් ගත්තා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

69 සේවිකාව ඔහු දැක, “මේ මිනිහා ඔවුන්ගෙන් කෙනෙකැ” යි ළඟ සිටියවුනට නැවතත් කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

69 ඒ තරුණිය නැවතත් ඔහු දැක, “මොහු ඔවුන්ගෙන් කෙනෙකැ”යි ළඟ සිටියවුන්ට කියන්නට පටන් ගත්තා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

69 මොහු ඔවුන්ගෙන් එක්කෙනෙක්යයි ළඟ සිටියවුන්ට නැවතත් කියන්ට පටන්ගත්තාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 14:69
7 හුවමාරු යොමු  

සහෝදරයෙනි, මිනිසෙකු යම් වරදක් කරද්දී අසු වුණොත් ශුද්ධාත්ම දායාදය ඇති ඔබ මෘදුකමින් ඔහු යහමඟට හරවාගත යුතු ය. ඔබ ද පරීක්ෂාවට නොවැටෙන පිණිස ප්‍රවේසම් වන්න.


සීමොන් පේදුරු ගිනි තපිමින් සිටියේ ය. එවිට සෙසු අය කතා කරමින්, “නුඹත් ඔහුගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් නොවේ දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු: “නැත, එසේ නොවේ ය”යි කී ය.


එවිට දොරටුපාලී, “ඔබත් මේ මිනිසාගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් නොවේ දැ”යි ඇසුවා ය. “නැතැ”යි ඔහු පිළිතුරු දුනි.


මඳ වේලාවකට පසු තවත් කෙනෙක් ඔහු දැක, “ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක් ය”යි කී ය. පේදුරු පිළිතුරු දෙමින්, “නැත, නැත, එසේ නොවේ ය”යි කී ය.


පරීක්ෂාවට නොවැටෙන පිණිස අවදි ව හිඳ යාච්ඤා කරන්න; හිත නම් කැමැතිය, එහෙත් ගත නම් දුබලය”යි වදාළ සේක.


ඔහු අපලාප කරමින්, “ඔබ කියන දේ කුමක් දැ යි මම නොදනිමි, මට නොතේරේ” කියා නික්ම, ද්වාර මණ්ඩපයට ගියේ ය. එකල කුකුළා හැඬලී ය.


එහෙත් ඔහු යළිත්, “නැතැ”යි කීවේ ය. මඳ වේලාවකට පසු නැවතත් ළඟ සිටි අය, “සැබැවින් ම ඔබ ඔවුන්ගෙන් එක් කෙනෙක් ම ය, ඔබත් ගලීලයෙක් ම ය”යි පේදුරුට කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්