Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 14:23 - Sinhala New Revised Version

23 උන් වහන්සේ කුසලානක් ද ගෙන, තුති පුදා, ඔවුන්ට දුන් සේක. සියල්ලෝම එයින් පානය කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 ඉන්පසු උන්වහන්සේ කුසලානක් ගෙන, ස්තුති පුදා, ඔවුන්ට එය දුන් සේක. ඒ සියල්ලෝ එයින් පානය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 උන් වහන්සේ කුසලානක් ද ගෙන, තුති පුදා, ඔවුන්ට දුන් සේක. සියල්ලෝම එයින් පානය කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 උන්වහන්සේ කුසලානක්ද ගෙන ස්තුතිකොට ඔවුන්ට දුන්සේක. ඔවුන් සියල්ලෝ එයින් බීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 14:23
6 හුවමාරු යොමු  

ඔවුන් ආහාර වළඳමින් සිටිය දී උන් වහන්සේ රොටි ගෙන, ආශීර්වාදය පවසා, ඒවා කඩා ඔවුන්ට දී, “ගන්න, මේ මාගේ ශරීරය ය”යි වදාළ සේක.


උන් වහන්සේ කුසලානක් ද ගෙන තුති පුදා ඔවුන්ට දී,


අප ආසිරි කුසලාන ගෙන ආශීර්වාද කරන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ රුධිරයේ සහභාගිකම නොවේ ද? අප රොටි කඩන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයේ සහභාගිකම නොවේ ද?


යම් දවසක් උසස් කොට සලකන්නා එසේ කරන්නේ සමිඳාණන් වහන්සේ උදෙසා ය. කොයි දේත් කන තැනැත්තා ද දෙවියන් වහන්සේට ස්තුති දී කන බැවින්, කන්නේ සමිඳාණන් වහන්සේ උදෙසා ය. එසේ නොකන තැනැත්තාත් දෙවියන් වහන්සේට ස්තුති දී නොකා සිටින බැවින් එය කරන්නේ ද සමිඳාණන් වහන්සේ උදෙසා ය.


උන් වහන්සේ කුසලානක් ගනිමින්, තුති පුදා, “මෙ‍ය ගෙන ඔබ අතරෙහි බෙදාගන්න.


තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මෙය බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුම්-රුධිරය වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්