මාක් 11:18 - Sinhala New Revised Version18 නායක පූජකවරු ද විනයධරයෝ ද ඒ අසා උන් වහන්සේ නසාදැමීමට මඟක් සෙවූ හ. මන්ද, උන් වහන්සේගේ අනුශාසනා ගැන මුළු සමූහයා විස්මිත වූ බැවින් ඔව්හු උන් වහන්සේට බිය වූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 ඒ ඇසූ නායක පූජකවරු හා දහම් පඬිවරු, උන්වහන්සේ මරා දැමීමට සෙවූහ. මන්ද මුළු පිරිස උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූ බැවින් ඔවුහු උන්වහන්සේට බය වූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 නායක පූජකවරු ද විනයධරයෝ ද ඒ අසා උන් වහන්සේ නසාදැමීමට මඟක් සෙවූ හ. මන්ද, උන් වහන්සේගේ අනුශාසනා ගැන මුළු සමූහයා විස්මිත වූ බැවින් ඔව්හු උන් වහන්සේට බිය වූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 නායක පූජකයෝද ලියන්නෝද ඒ අසා, උන්වහන්සේ නසන්නේ කෙසේදැයි සෙවුවෝය. මක්නිසාද උන්වහන්සේගේ ඉගැන්වීම ගැන මුළු සමූහයා විස්මයට පත්වූ බැවින්, ඔව්හු උන්වහන්සේට භයවූවෝය. පරිච්ඡේදය බලන්න |
ඉශ්රායෙල්වරුන්ගේ මිදුම්කාරයා ද ඔවුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මිනිසුන් විසින් සුළු කරනු ලැබූ, ජාතීන් විසින් පිළිකුල් කරනු ලැබූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙකු වූ තැනැත්තාට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවි සමිඳාණන් සිය සේවකයා වන නුඹ තෝරාගත් බව දකින රජවරුන් විශ්වාසවන්ත ඒ සමිඳාණන් නිසා නුඹට ගරු කරන්න නැඟිටිනු ඇත; අධිපතීන් නුඹට නමදිනු ඇත.”