Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 1:25 - Sinhala New Revised Version

25 ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, “කට පියව; මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

25 එහෙත් යේසුස්වහන්සේ ඔහුට තරවටු කරමින්, “නිශ්ශබ්ද වනු! මොහුගෙන් පිට වනු!” යි කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, “කට පියව; මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 යේසුස්වහන්සේ ඔහුට තරවටුකරමින්: කථා නොකරව, මොහුගෙන් පිටවෙවයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 1:25
10 හුවමාරු යොමු  

උන් වහන්සේ විවිධ රෝගවලින් පෙළුණු බොහෝ අය සුව කළ සේක. බොහෝ දුෂ්ටාත්මයන් ද දුරු කළ සේක. තමා කවරෙක් දැ යි ඒ දුෂ්ටාත්මයන් දැන සිටි බැවින් උන් වහන්සේ ඔවුන්ට කතා කිරීමට ඉඩ නුදුන් සේක.


ඈ පාවුලුත් අපත් පසුපස එමින්, “මේ අය ගැළවීමේ මාර්ගය අපට ප්‍රකාශ කරන, පරමෝත්තම දෙවියන් වහන්සේගේ දාසයෝ” යයි මොරගසා කීවා ය.


දුෂ්ටාත්මයෝ ද, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි බෙරිහන් දෙමින් බොහෝ දෙනෙකුගෙන් දුරු වූ හ. තමන් ක්‍රිස්තුන් වහන්සේ යයි ඔවුන් දැන සිටි නිසා උන් වහන්සේ ඔවුන්ට තරවටු කොට, කතා කිරීම තහනම් කළ සේක.


සමූහයා එක් ව දුවගෙන එන බව ජේසුස් වහන්සේ දුටු කල උන් වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට, “ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් දුරු වෙව, තවත් මොහුට ආවේශ නොවන්නට තට අණ දෙමි”යි වදාළ සේක.


ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, “කට පියාගෙන මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක. එවිට දුෂ්ටාත්මය සමූහයා ඉදිරියෙහි ඔහු බිම හෙළා, ඔහුට තුවාළ නොකොට ඔහුගෙන් දුරු වී ය.


එහෙත්, දුදනා හට දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක: “නුඹ මාගේ ආඥා කටපාඩමින් කියන්නේත්, මාගේ ගිවිසුම ගැන කතා කරන්නේත් කුමකට ද?


ඔවුන්ගේ ඇස් පෑදිණි. “කිසිවෙකුට මෙපවත් නොකියන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක.


ඔහු මෙසේ මොරහඬ දුනි: “නාසරෙත්හි ජේසුස් වහන්ස, ඔබත් අපත් අතර මොන ගනු දෙනුවක් ද? ඔබ ආවේ අප වනසන්ට ද? ඔබ කවරෙක් දැ යි දනිමි; ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණෝ ය.”


එවිට අශුද්ධාත්මය ඔහු වේගයෙන් සලිත කොට, මහහඬින් මොරගසමින් ඔහු කෙරෙන් දුරු විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්