Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 9:12 - Sinhala New Revised Version

12 උන් වහන්සේ ඒ අසා ඔවුන්ට කතා කොට, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

12 උන්වහන්සේ ඒ ඇසූ කල, “වෙදකු ඕනෑ කරන්නේ නිරෝගීනට නො ව රෝගීන්ටයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 උන් වහන්සේ ඒ අසා ඔවුන්ට කතා කොට, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 උන්වහන්සේ ඒ අසා ඔවුන්ට කියනසේක්: රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් කම් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 9:12
17 හුවමාරු යොමු  

එතුමාණෝ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක; ඔවුන්ගේ තුවාළ බඳින සේක.


“සමිඳුනි, මට කරුණා කළ මැනව; ඔබට විරුද්ධ ව පව් කෙළෙමි, මෙමා සුව කළ මැනව”යි මම පවසමි.


සමිඳුනි, දුබල මට කරුණා කළ මැනව; මාගේ ඇටකටු පොඩි වී ඇත; මා සුව කළ මැනව.


සමිඳුනි, මා සුව කළ මැනව. එවිට මම සුවපත් වන්නෙමි. මා ගළවාගත මැනව. එවිට මම ගැළවෙන්නෙමි. මම ඔබ පමණක් පසසන්නෙමි.


“සියොන පිටුවහල් කරනු ලැබුවා ය; ඈ ගැන සලකන කිසිවෙක් නැතැ යි නුඹලාගේ සතුරන් කියන නමුත්, මම නුඹලාගේ තුවාළ සුව කර නුඹලාට සුව සෙත යළිත් ගෙන දෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


එහෙත්, මේ නගරයට මම සුව සෙත ගෙන දෙන්නෙමි. මම සෙනඟ සුවපත් කොට, සාමයෙන්, සුරක්ෂිතතාවෙන් ඔවුන්ට ප්‍රීතිය පෙන්වන්නෙමි.


ගිලියද්හි ගුගුල් නැද් ද? එහි වෙදෙක් නැද් ද? මාගේ සෙනඟ සුවය ලබා නැත්තේ මන්දැ”යි සමිඳාණන් වහන්සේ අසන සේක.


“මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි; මාගේ මුළු සිතින් ඔවුන්ට ප්‍රේම කරමි. මන්ද, ඔවුන් කෙරේ මාගේ උදහස පහ වී ගොස් ඇත.


මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ, නැති වූවන් ගළවා ගන්නා පිණිස ය.


ජේසුස් වහන්සේ ඒ අසා, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත; මා ආයේ දමිටුන් නොව අදමිටුන් කැඳවීමට ය”යි වදාළ සේක.


ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් වැඩක් නැත.


එකල කිසිවෙකුට සුව කළ නොහැකි වූ, දොළොස් වසරක් මහලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක්


එහෙත් සමූහයෝ එපවත් අසා උන් වහන්සේ පසුපස්සේ ගියහ, උන් වහන්සේ ඔවුන් පිළිගෙන, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට වදාරා, සුවය අවශ්‍ය වූ අය සුව කළ සේක.


අපේ හිතවත් ලූක් නම් වෛද්‍යවරයා ද දේමස් ද ඔබට ආචාර කරති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්