Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 8:28 - Sinhala New Revised Version

28 උන් වහන්සේ එගොඩ ව, ගදරීන රටට පැමිණි කල, දුෂ්ටාත්මාවේශ වූ දෙදෙනෙක් සොහොන් ගෙවලින් නික්ම විත් උන් වහන්සේට මුණ ගැසුණාහ. ඔවුන් ඉතා දරුණු වූයෙන් ඒ පාරෙන් කිසිවෙකුට යන්න නොහැකි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

28 උන්වහන්සේ ගදරීනයන්ගේ පෙදෙසේ අනෙක් පැත්තට එගොඩ වූ කල, කිසිවකුට ඒ මඟ පසුකර යා නො හැකි තරමට සැහැසි වූ, සොහොන්-ගෙවල සිට එමින් සිටි යක්ෂාත්මාවේශ මිනිසුන් දෙදෙනෙක් උන්වහන්සේට මුණ ගැසිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 උන් වහන්සේ එගොඩ ව, ගදරීන රටට පැමිණි කල, දුෂ්ටාත්මාවේශ වූ දෙදෙනෙක් සොහොන් ගෙවලින් නික්ම විත් උන් වහන්සේට මුණ ගැසුණාහ. ඔවුන් ඉතා දරුණු වූයෙන් ඒ පාරෙන් කිසිවෙකුට යන්න නොහැකි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 උන්වහන්සේ එගොඩව ගදරීනයන්ගේ රටට පැමිණි කල යක්ෂාවේශවූ දෙදෙනෙක් සොහොන් ගෙවල්වලින් පිටත්ව උන්වහන්සේගේ පෙරමගට එනවා උන්වහන්සේට සම්බවිය. ඔවුන් ඉතා රෞද්‍ර නිසා ඒ පාරෙන් කිසිවෙකුට යන්ට නුපුළුවන් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 8:28
9 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන් ද බලයෙන් ද නාසරෙත්හි ජේසුස් වහන්සේ ආලේප කළ සැටිත්, දෙවියන් වහන්සේ උන් වහන්සේ සමඟ සිටි බැවින්, උන් වහන්සේ යහපත් ක්‍රියා කරමින් ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින් ද හැසුරුණ සැටිත් ඔබ දන්නහු ය.


උන් වහන්සේගේ කීර්ති රාවය සිරියාව පුරා පැතිරිණි. නානා රෝග පීඩාවලින් පෙළුණු සියලු රෝගීහු ද දුෂ්ටාත්මාවේශ වූ අය ද මීමැස්මොර රෝගීහු ද අංසබාග රෝගීහු ද උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක.


අනාත්ගේ පුත් ෂම්ගර්ගේ කාලයේ දී, ජායෙල් සිටි අවදියේ මහ මාවත්වල තවලම් නොගියේ ය. මගීහු අතුරු මාර්ගවලින් ගියහ.


අමෝරිවරුන් හා කානානිවරුන් ද, ගිර්ගාෂිවරුන් හා ජෙබුසිවරුන් ද සතු මේ දේශය නුඹේ පෙළපතට මම දෙමි”යි වදාළ සේක.


ජෙබුසිවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද ගිර්ගාෂිවරුන්ගේ ද


ඔබ අයිති කරගන්නට යන දේශයට “දෙවි සමිඳාණන් වහන්සේ ඔබ පැමිණෙවූ කල, ඔබ ඉදිරියට යන විට ඔබට වඩා ගණනින් විශාල, බලවත් ජාතීන් හතක් වන හිත්තීවරුන් සහ ගිර්ගාෂිවරුන් ද, අමෝරිවරුන් සහ කානානිවරුන් ද, පෙරෙස්සිවරුන් සහ හිවීවරුන් ද, ජෙබුසිවරුන් ද උන් වහන්සේ පලවා හරින සේක.


ඒ මනුෂ්‍යයෝ විස්මිත ව, “මෙතුමා කෙබඳු කෙනෙක් ද? සුළඟ හා මුහුද පවා මෙතුමාට කීකරු වෙතැ”යි කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්