Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 27:41 - Sinhala New Revised Version

41 එම අයුරින් නායක පූජකවරු ද විනයධරයන් හා ප්‍රජා මූලිකයන් සමඟ උන් වහන්සේට කවටකම් කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

41 නායක පූජකවරු ද දහම් පඬිවරුන් හා වැඩිහිටියන් සමඟ උන්වහන්සේට සමච්චල් කරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 එම අයුරින් නායක පූජකවරු ද විනයධරයන් හා ප්‍රජා මූලිකයන් සමඟ උන් වහන්සේට කවටකම් කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

41 ඒ ආකාරයෙන්ම නායක පූජකයොත් ලියන්නන් හා වැඩිමහල්ලන් සමඟ උන්වහන්සේට කවටකම් කොට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 27:41
12 හුවමාරු යොමු  

මාගේ දුක ගැන හිත පුරා ප්‍රීති වන අය ලජ්ජාවට හා වියවුලට පැමිණෙත් වා! මට අපහාස කරන අය ලජ්ජාවට හා අපකීර්තියට ලක් වෙත් වා!


සෙනඟ ද බලාගෙන සිටියහ. ප්‍රධානීහු උන් වහන්සේට ගැරහුම් කරමින්, “මොහු අනුන් ගැළවීය; මොහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් නම්, උන් වහන්සේගේ තෝරාගත් තැනැත්තේ නම්, තමා ම ගළවා ගනීවා”යි කී හ.


ජේසුස් වහන්සේ තමන්ට විරුද්ධ ව ආ නායක පූජකයන්ට ද දේව මාලිගාවේ මුර සෙබළුන්ට ද ප්‍රජා මූලිකයන්ට ද කතා කොට, “ඔබ සොරෙකු හා සටනට මෙ‍න් කඩු මුගුරු රැගෙන ආවාහු ද?


කුමක්නිසා ද උන් වහන්සේ විජාතීන්ට පාවා දෙනු ලබන සේක. ඔව්හු උන් වහන්සේට සරදම් කර, අපහාස කර, කෙළ ගසන්නාහ.


මට ද්වේෂ කළ එඬේරුන් තිදෙනෙකු ගැන මට ඉවසාගත නොහැකි ව එක මාසයක් ඇතුළත දී ඔවුන් නැසුවෙමි.


ඉශ්රායෙල්වරුන්ගේ මිදුම්කාරයා ද ඔවුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මිනිසුන් විසින් සුළු කරනු ලැබූ, ජාතීන් විසින් පිළිකුල් කරනු ලැබූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙකු වූ තැනැත්තාට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවි සමිඳාණන් සිය සේවකයා වන නුඹ තෝරාගත් බව දකින රජවරුන් විශ්වාසවන්ත ඒ සමිඳාණන් නිසා නුඹට ගරු කරන්න නැඟිටිනු ඇත; අධිපතීන් නුඹට නමදිනු ඇත.”


මා ඔබට දෙන අනතුරු ඇඟවීම් ගැන ඉතින් සරදම් නොකරන්න. ඔබේ අත්අඩංගු තවත් තද වනු ඇත. මුළු දේශය විනාශ කිරීමට සව් බලැති සමිඳුන් කර ඇති තීරණය මා අසා ඇත.


එතුමන් ඔබ හොඳින් විමසා බැලුවොත් යහපත් දෙයක් සම්බ වනු ඇද් ද? මිනිසුන් රවටන්නාක් මෙන් එතුමන් රවටන්නට ඔබට හැකි වේ ද?


“දේව මාලිගාව කඩාදමා තුන් දවසකින් එය ගොඩනඟන ඔබ, ඔබ ම ගළවාගන්න; ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, කුරුසියෙන් බැස එන්නැ”යි කී හ.


“මොහු අනුන් ගැළෙව්වේ ය; දැන් තමාට ම ගැළවෙන්ට නුපුළුවන; මොහු ඉශ්රායෙල්වරුන්ගේ රජ නොවේ ද? එසේ නම් දැන් කුරුසියෙන් බසී වා, එවිට අපි මොහු විශ්වාස කරන්නෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්