Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 26:68 - Sinhala New Revised Version

68 “ක්‍රිස්තුවරයාණෙනි, ඔබට ගැසුවේ කවරෙක් දැ යි දිවැසින් බලා අපට කියන්නැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

68 “ඔබට ගැහුවේ කවුරු ද කියා දිවැසින් අපට කිව මැනව ක්‍රිස්තුනි” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

68 “ක්‍රිස්තුවරයාණෙනි, ඔබට ගැසුවේ කවරෙක් දැ යි දිවැසින් බලා අපට කියන්නැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

68 ක්‍රිස්තුස්නි, නුඹට ගැසුවේ කවුදැයි දිවැසින් අපට කියන්නැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 26:68
11 හුවමාරු යොමු  

එකල ඇතැමෙක් උන් වහන්සේට කෙළ ගසන්නට ද උන් වහන්සේගේ මුහුණ වසා අතින් පහර දෙමින්, “ඉතින් දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කියන්නට ද පටන්ගත්හ. මුර සේවකයෝ ද උන් වහන්සේ භාරගෙන, අතුල් පහර දුන්හ.


ඔවුන් ප්‍රීතියෙන් පිනා ගිය කල, “අප විනෝද කරන පිණිස සම්සොන් අඬගසාගෙන එන්න” කියා ඔව්හු හිරගෙයින් ඔහු ගෙන්වා ගත්තෝ ය. ඔහු ඔවුන් ඉදිරියෙහි ක්‍රීඩා කෙළේ ය. ඔව්හු කුළුණු අතරේ ඔහු සිටෙවුවෝ ය.


එවිට ඔව්හු උන් වහන්සේගේ මුහුණට කෙළ ගසා, මිට මොලවා පහර දුන්හ. සමහරෙක් උන් වහන්සේට අතුල් පහර දී,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්