Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 24:19 - Sinhala New Revised Version

19 ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි මවුවරුන්ට ද ඇතිවන දුකක මහත!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 ගැබිණියනටත්, කිරිදෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි මවුවරුන්ට ද ඇතිවන දුකක මහත!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 නුමුත් ඒ දවස්වල ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 24:19
12 හුවමාරු යොමු  

ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි දෙන මව්වරුන්ට ද වන විපතක මහත! මන්ද, දේශය පිට දැඩි ආපදා හා වේදනා ද මේ සෙනඟ කෙරෙහි දේව සාපය ද වන්නේ ය.


දයාවන්ත ස්ත්‍රීහු තමන්ගේ අත්වලින් සිය දරුවන් තම්බා පිසුවෝ ය. මාගේ සෙනඟ පිට පැමිණි විනාශයේ දී ඒ දරුවෝ ඔවුන්ට ආහාර වූ හ.


දෙවියන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසා ඇති බැවින් සමාරිය දඬුවම් ලබන්නී ය. සමාරිය වැසියෝ යුද්ධයේ දී විනාශ වන්නාහ. අත දරුවෝ බිම ගසා මරනු ලබන්නෝ ය. ගර්භණීන් ඉරාදමනු ඇත.”


සාවුල්ගේ පුත් ජොනතන්ට දෙපා කොර වූ පුත්‍රයෙක් සිටියේ ය. ජෙශ්‍රෙයෙල්හි සිටි සාවුල් හා ජොනතන් ගැන ආරංචි ලැබුණු කල ඔහු පස් හැවිරිදි ළමයෙකු ව සිටියේ ය. ඔහුගේ කිරි මව ඔහු වඩාගෙන පලා ගියා ය. ඈ කඩිනම් කර පලා යන අතර ඔහු වැටී කොර වුණේ ය. ඔහුගේ නම මෙපිබොෂෙත් ය.


එකල මෙනහෙම් තිප්සාටත්, එහි සිටි සියල්ලන්ටත්, තිර්ශා පටන් එහි පළාත්වලටත් පහර දුන්නේ ය. ඔවුන් ඔහුට නුවර දොරටු නොහැරිය බැවින් ඔහු ඔවුන්ට පහර දී එහි සිටි සියලු ගර්භණීන් දෙපළු කරදැමී ය.


“මොවුන් කියන දේ ඔබට ඇසෙනවා දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. ජේසුස් වහන්සේ, “එසේ ය, බිළිඳුන්ගේ ද කිරි දරුවන්ගේ ද මුවින් ඔබ තුති පිදීම සලසා ඇත යන පාඨය කවදාවත් කියවා නැද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක.


කෙතෙහි සිටින්නා ද තමාගේ ඇඳුම් ගැනීමට පෙරළා නොයේ වා,


හේමන්තයේ දී වත් සබත් දිනක දී වත් මෙය සිදු නොවන ලෙස යාච්ඤා කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්