Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 22:37 - Sinhala New Revised Version

37 උන් වහන්සේ ඔහුට කතා කොට, “ ‘නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු සිතින් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

37 උන්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ මුළු බුද්ධියෙන් ද ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරනු’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 උන් වහන්සේ ඔහුට කතා කොට, “ ‘නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු සිතින් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

37 උන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 22:37
13 හුවමාරු යොමු  

“ගුරුදේවයිනි, ව්‍යවස්ථාවලියෙහි ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැ”යි ඇසී ය.


මෙය ශ්‍රේෂ්ඨතම පළමු වන ආඥාව ය.


මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද මුළු බුද්ධියෙන් ද මුළු වීර්යයෙන් ද උන් වහන්සේට ප්‍රේම කිරීම සහ තමාට මෙන්‍ ම තම අසල්වැසියාට ප්‍රේම කිරීම, දවන යාග පූජා හා වෙනත් පූජා සියල්ලට ම වඩා ශ්‍රේෂ්ඨය”යි කීවේ ය.


ඔහු උත්තර දෙමින්, “නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි වූ සමිඳාණන් වහන්සේටත්, නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙ‍න් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න යනුයි” කී ය.


මාංසික චේතනාව දේව විරෝධකමකි. එය දෙවියන් වහන්සේගේ ආඥාවට යටත් නොවූවකි. එසේ ම යටත් නොවන්නකි.


“දැන් ඉතින් ඉශ්රායෙල් ජනයෙනි, දෙවි සමිඳාණන් වහන්සේට ඔබෙන් උවමනා වී ඇත්තේ කුමක් ද? උවමනා වී ඇත්තේ දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමත්, උන් වහන්සේගේ සියලු මාර්ගවල යෑමත්, උන් වහන්සේට ප්‍රේම කිරීමත්, ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමත්,


ඔබ ඒ රට පදිංචි ව ජීවත් වෙමින් ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන පිණිස උන් වහන්සේ ඔබේ සිතෙන් ද ඔබේ දරුමුණුබුරන්ගේ සිත්වලින් ද පාප මල කපා හරින සේක.


“ඉශ්රායෙල්වරුනි, සවන් දෙන්න, අපේ සමිඳාණන් වහන්සේ ම පමණක් දෙවියන් වහන්සේ වන සේක.


දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ආත්මයෙන් ද ඔබේ මුළු වීර්යයෙන් ද ප්‍රේම කළ යුතු ය.


දෙවියන් වහන්සේට ප්‍රේම කරන තැනැත්තා තම සහෝදරයාටත් ප්‍රේම කළ යුතු ය යන ආඥාව අපි උන් වහන්සේගෙන් ලැබීමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්