Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 22:19 - Sinhala New Revised Version

19 බදු ගෙවන කාසියක් මට පෙන්වන්නැ”යි වදාළ සේක. ඔව්හු රිදී කාසියක් ගෙනැවිත් උන් වහන්සේගේ අතට දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 බදු ගෙවීමට ගන්නා කාසිය මට පෙන්වන්නැ” යි කී සේක. ඔවුහු ඩිනාරියක කාසියක් උන්වහන්සේ වෙත ගෙනාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 බදු ගෙවන කාසියක් මට පෙන්වන්නැ”යි වදාළ සේක. ඔව්හු රිදී කාසියක් ගෙනැවිත් උන් වහන්සේගේ අතට දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ආදායම් මිලය මට පෙන්වන්නැයි කීසේක. ඔව්හු මස්සක් උන්වහන්සේ ළඟට ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 22:19
7 හුවමාරු යොමු  

එවිට ජීවමාන සත්ත්වයන් සතර දෙනා මධ්‍යයෙන් නික්මුණු හඬක් වැනි ශබ්දයක් මට ඇසුණේ ය. එය: “තිරිඟු ලීටර් එකක් දවසේ වේතනයකි; යව ලීටර් තුනක් දවසේ වේතනයකි; එහෙත් තෙල්වලටත් මුද්‍රික පානයටත් අනතුරු නොකරන්නැ”යි කී ය.


ඔහු දිනකට රිදී කාසියක් බැගින් ගෙවීමට කුලීකරුවන්ට පොරොන්දු වී, තමාගේ මිදි වත්තට ඔවුන් යැවී ය.


එහෙත්, ඒ දාසයා නික්ම ගොස්, තම සහකාර දාසයන්ගෙන් තමාට රුපියල් දෙසීයක් පමණ ණය ව සිටි කෙනෙකු දැක, ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන, ‘මගේ ණය ගෙවාපන්නැ’යි කී ය.


“ගෙවන සේකැ”යි ඔහු කී ය. ඔහු ගෙට පිවිසි කල, යමක් කියන්න පෙර, ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, “සීමොන්, මේ ගැන ඔබගේ අදහස කුමක් ද? මෙලොව රජවරුන් සුංගම් නොහොත් ආදායම් ගන්නේ කාගෙන් ද? සිය සෙනඟගෙන් ද නොහොත් විදේශීන්ගෙන් දැ”යි ඇසූ සේක.


එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන්ගේ නපුරු අදහස දැන, “කෛරාටිකයෙනි, ඔබ මා පරීක්ෂා කරන්නේ මන් ද?


“මේ රූපය හා සටහන කවරෙකුගේ දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.


ඔව්හු කාසියක් ගෙනාහ. “මේ රූපයත්, සටහනත් කාගේ දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “සීසර් අධිරාජයාගේ ය”යි ඔව්හු කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්