Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 21:24 - Sinhala New Revised Version

24 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “මමත් ඔබගෙන් ප්‍රශ්නයක් විචාරමි. ඔබ එය මට කියන්නහු නම්, මේ දේවල් කරන්නේ කුමන අධිකාරි බලයකින් දැ යි මමත් ඔබට කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මමත් ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නම්; ඔබ පිළිතුරු දුන්නොත්, මා මේ දේවල් කරන්නේ කවර අධිකාරිත්වයකින් ද කියා මම ඔබට කියන්නම්;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “මමත් ඔබගෙන් ප්‍රශ්නයක් විචාරමි. ඔබ එය මට කියන්නහු නම්, මේ දේවල් කරන්නේ කුමන අධිකාරි බලයකින් දැ යි මමත් ඔබට කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 යේසුස්වහන්සේ උත්තරදෙමින්: මමත් නුඹලාගෙන් එක ප්‍රශ්නයක් අසමි-නුඹලා ඒක මට කියන්නහුනම් මමද මේ කාරණා අසවල් බලයෙන් කරමියි නුඹලාට එසේම කියන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 21:24
6 හුවමාරු යොමු  

“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.


උන් වහන්සේ දේව මාලිගාවට ඇතුළු ව උගන්වමින් සිටිය දී නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද උන් වහන්සේ වෙතට අවුත්, “ඔබ මේ දේ කරන්නේ කුමන අධිකාරි බලයකින් ද? මේ බලය ඔබට පැවරුවේ කවරෙක් දැ”යි ප්‍රශ්න කළහ.


බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ජොහන් ලැබුවේ කවරෙකුගෙන් ද? දෙවියන් වහන්සේගෙන් ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන් දැ”යි ඇසූ සේක. ඔව්හු තම තමන් අතර තර්ක කරමින්, “ ‘දෙවියන් වහන්සේගෙන් ය’යි කීවොත්, ‘එසේ නම් ඔබ ජොහන් විශ්වාස නොකෙළේ මන්දැ’යි අපෙන් අසනු ඇත.


එකල ජේසුස් වහන්සේ, “සබත් දිනයේ දී අප කළ යුත්තේ යහපත ද නොහොත් අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නොහොත් නැසීම ද යන ප්‍රශ්නය මම ඔබෙන් අසමි”යි වදාළ සේක.


රස මුසු, සිත් පිණවන බසින් කතා කරන්න. හැම කෙනෙකුට නිසි පිළිතුරු දිය යුත්තේ කෙසේ දැ යි දැන ගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්