Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 20:31 - Sinhala New Revised Version

31 එවිට සමූහයා ඔවුන්ට නිහඬ වන ලෙස සැර කළහ. එහෙත් ඔව්හු, “ස්වාමීනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව” කියා වැඩි වැඩියෙන් මොරගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

31 නිශ්ශබ්ද වන ලෙස ජනයා ඔවුනට තරවටු කළහ. එහෙත් ඔවුහු වඩ වඩා උස් හඬ නගමින්, “ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව!” යි මොරගැසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එවිට සමූහයා ඔවුන්ට නිහඬ වන ලෙස සැර කළහ. එහෙත් ඔව්හු, “ස්වාමීනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව” කියා වැඩි වැඩියෙන් මොරගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 ඔවුන් නිශ්ශබ්දවන පිණිස සමූහයා ඔවුන්ට සැරකළෝය. නුමුත් ඔව්හු: ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට කරුණාකළ මැනවයි වඩ වඩා මොරගැසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 20:31
12 හුවමාරු යොමු  

එකල උන් වහන්සේගේ අත් ළදරුවන් පිට තබා යාච්ඤා කරන පිණිස, සමහරු උන් වහන්සේ වෙතට ඔවුන් ගෙනාහ. ශ්‍රාවකයෝ ඔවුන්ට තරවටු කළහ.


අවදිව, ස්තුතිවන්තකමෙන් යුක්ත ව නොකඩව යාච්ඤාවේ යෙදී සිටින්න.


එහෙත් උන් වහන්සේ ඇයට වචනයකින් වත් පිළිතුරු නුදුන් සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ අවුත්, “මේ ස්ත්‍රිය මොරගසමින් අප පස්සේ එන බැවින්, ඇයට යන්න කිව මැනවැ”යි උන් වහන්සේගෙන් ඉල්ලූ හ.


ඉදිරියෙන් ගිය අය නිශ්ශබ්ද වන ලෙස ඔහුට සැර කළහ. එහෙත් ඔහු ශබ්ද නඟා: “දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ”යි වැඩි වැඩියෙන් මොරගැසී ය.


ජේසුස් වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක් මොරගසමින්, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව” කියමින් උන් වහන්සේ පසුපස ගියහ.


පාර අද්දර හිඳගෙන උන් අන්ධයන් දෙදෙනෙක් ජේසුස් වහන්සේ ඒ අසලින් යන බව අසා, “ස්වාමීනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනවැ”යි මොරගැසූ හ.


ජේසුස් වහන්සේ නැවතී ඔවුන් කැඳවා, “මා ඔබට කුමක් කරදෙනවාට ඔබ කැමැති දැ”යි ඇසූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්