Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 20:21 - Sinhala New Revised Version

21 උන් වහන්සේ කතා කරමින්, “ඔබ කුමක් ඉල්ලන්නෙහි දැ”යි ඇයගෙන් ඇසූ සේක. ඈ පිළිතුරු දෙමින්, “ඔබගේ රාජ්‍යයෙහි දී මේ මාගේ පුතුන් දෙදෙනාගෙන් එක් කෙනෙකු ඔබගේ දකුණු පසෙහි ද එක් කෙනෙකු වම් පසෙහි ද හිඳගැනීමට නියම කළ මැනවැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 “ඔබට ඕනෑ මොනවා දැ?” යි උන්වහන්සේ ඇසූ සේක. “ඔබගේ රාජ්‍යයේදී මාගේ මේ පුතුන් දෙදෙනාගෙන් කෙනකු ඔබගේ දකුණු පැත්තේ ද අනෙකා ඔබගේ වම් පැත්තේ ද හිඳගන්නට වර දෙන්නැ” යි ඕ කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 උන් වහන්සේ කතා කරමින්, “ඔබ කුමක් ඉල්ලන්නෙහි දැ”යි ඇයගෙන් ඇසූ සේක. ඈ පිළිතුරු දෙමින්, “ඔබගේ රාජ්‍යයෙහි දී මේ මාගේ පුතුන් දෙදෙනාගෙන් එක් කෙනෙකු ඔබගේ දකුණු පසෙහි ද එක් කෙනෙකු වම් පසෙහි ද හිඳගැනීමට නියම කළ මැනවැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 උන්වහන්සේ: නුඹට ඕනෑ කුමක්දැයි ඇගෙන් ඇසූසේක. ඈද: ඔබගේ රාජ්‍යයෙහිදී මේ මාගේ පුත්‍රයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ඔබගේ දකුණු පැත්තේද එක්කෙනෙක් වම් පැත්තේද හිඳින්ට නියමකළ මැනවයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 20:21
24 හුවමාරු යොමු  

ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, මෙසේ වදාළ සේක: “සැබැවින් ම මම ඔබට කියමි, මතු ඇති වන නව යුගයේ දී මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමාන්විත ව සිංහාසනයේ වැඩ හිඳින කල, මා අනුගාමී වූ ඔබත් ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහු ය.


එකල රජතුමා ඈට කතා කොට, “එස්තර් රැජිනියනි, ඔබේ වුවමනාව කුමක් ද? ඔබේ අයැදීම කුමක් ද? ඔබ ඉල්ලන කුමන දෙයක් වුව ද, රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඔබට දෙන්නෙමි”යි කීයේ ය.


එවේලෙහි ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, “ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ කවරෙක් දැ”යි ඇසූහ.


සමිඳාණෝ මා සමිඳුන්ට කතා කොට, “මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”යි වදාළ සේක.


ප්‍රේරිතවරුන් එක්රැස් වූ කල, “ස්වාමීනි, ඔබ යළිත් ඉශ්රායෙල් රාජ්‍යය පිහිටුවන කාලය මෙය දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ.


එවිට හෙරෝදියස්ගේ දුව එහි පිවිස රඟ පා, හෙරොද්ගේ සහ ඔහු සමඟ භෝජන සංග්‍රහයට පැමිණ සිටි අමුත්තන්ගේ නෙත් සිත් පිනවූවා ය. එකල රජතුමා තරුණියට කතා කොට, “ඔබ කැමැති ඕනෑම දෙයක් මාගෙන් ඉල්ලන්න, එය ඔබට දෙමි”යි කී ය.


ජේසුස් වහන්සේ නැවතී ඔවුන් කැඳවා, “මා ඔබට කුමක් කරදෙනවාට ඔබ කැමැති දැ”යි ඇසූ සේක.


ගිබියොන්හි දී සමිඳාණන් වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සලමොන්ට දර්ශනය වූ සේක. තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැ”යි වදාළ සේක.


ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබූ බැවින්, දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුන් වහන්සේ වැඩ සිටින තැන ඇති, ලොව්තුරු දේ ප්‍රාර්ථනා කරන්න.


සුහද සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. ගෞරවයෙන් තමාට වඩා අනෙක් අය උතුම් කොට සලකන්න.


ඔබ මා තුළ සිටින්නහු නම්, මාගේ වචන ඔබ තුළ පවතී නම්, ඔබ කැමැති දෙයක් අයැදින්න; එය ඔබට දෙනු ලැබේ;


තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම ලෙස සැලකිය යුත්තේ කවරෙක් දැ යි ශ්‍රාවකයන් අතර විවාදයක් ඇති විය.


ඔවුන් මෙ‍බස් අසා සිටිය දී, උන් වහන්සේ තවත් උපමාවක් වදාළ සේක. එය වදාළේ, උන් වහන්සේ ජෙරුසලමට සමීප ව සිටි බැවින් හා දෙවියන් වහන්සේගේ රාජ්‍යය වහා ම එළිදරව් වනු ඇතැ යි ඔවුන් සිතූ බැවිනි.


“මා ඔබට කුමක් කර දෙනවාට කැමැත්තෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. “ස්වාමීනි මාගේ පෙනීම මට ලබා දුන මැනවැ”යි ඔහු කී ය. ජේසුස් වහන්සේ කතා කරමින්,


ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, “මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔහුගෙන් ඇසූ සේක. “ගුරුදේවයෙනි, මට පෙනීම දුන මැනවැ”යි අන්ධයා උන් වහන්සේට කී ය.


නුඹ නුඹේ ම වාසිය තකා ලොකු දේවල් සොයන්නෙහි ද? එසේ නොසොයන්න. මන්ද, සකල මනුෂ්‍ය වර්ගයා පිට මම විපත්තිය පමුණුවන්නෙමි. එහෙත්, නුඹ පමණක් යන යන තැන පණ රැකගන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


ඔබේ කුලකතුන් අතර රජ කුමරියෝ ඇත. ඕපීර්හි රන් අබරණින් සැරසුණු ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පසින් වැජඹෙන්නී ය.


එසේ නම් ඔවුන් වැරදිකරුවන් බවට තීන්දු කරන්නේ කවරෙක් ද? අප උදෙසා මැරුණේත්, අප උදෙසා මරණයෙන් උත්ථාන වූයේත් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය. දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩසිටිමින් අප වෙනුවෙන් මැදහත් වන්නේත් උන් වහන්සේ ය.


එබැවින් බැත්-ෂෙබා අදොනියා උදෙසා සලමොන් රජුට කතා කරන්නට ඔහු ළඟට ගිය විට, රජ තෙම ද ඈ හමු වීමට නැඟිට, ඈට ආචාර කර තම සිංහාසනය අරා හිඳගත්තේ ය. රජුගේ මවටත් ආසනයක් තබන්නට සැලැස්සුවේ ය. ඈ ඔහුගේ දකුණෙන් හිඳගත්තා ය.


මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.


එහෙත්, ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබ ඉල්ලන්නේ කුමක් දැ යි ඔබ ම දන්නේ නැත. මා බොන්න යන දුක් වේදනා නමැති කුසලානෙන් බොන්න ඔබට හැකි දැ”යි ඇසූ සේක. “අපට හැකි ය”යි ඔව්හු පිළිතුරු දුන්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්