Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 18:31 - Sinhala New Revised Version

31 ඔහුගේ සහකාර දාසයෝ සිදුවූ දේ දැක, අතිශයින් ශෝක වී, අවුත් සිදුවූ සියල්ල තම ස්වාමියාට දැන්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

31 සිදු වූ දේ දුටු අනෙක් දාසයෝ ඉන් දැඩි කම්පාවට පත්ව, ගොස්, සිදු වූ හැම දෙයක්ම ඔවුන්ගේ හාම්පුතාට පැවසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 ඔහුගේ සහකාර දාසයෝ සිදුවූ දේ දැක, අතිශයින් ශෝක වී, අවුත් සිදුවූ සියල්ල තම ස්වාමියාට දැන්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 ඔහුගේ සහකාර දාසයෝ සිද්ධවූ දේ දැක, ඉතා ශෝකව, ඇවිත් සිදුවූ සියල්ල තමුන්ගේ ස්වාමියාට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 18:31
16 හුවමාරු යොමු  

ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වන්න, ශෝක වන්නන් සමඟ ශෝක වන්න.


සිර ගෙයි සිටින අය සමඟ ඔබත් සිටිනවා යයි සිතා, ඔවුන් සිහි කරන්න. ඔබටත් ශරීරයක් ඇති බැවින්, දුක් පීඩා විඳින්නන් සිහි කරන්න.


උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා “ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය.


උන් වහන්සේ අගනුවරට ළඟා වී එය දුටු විට නුවර ගැන හඬමින් මෙ‍සේ වදාළ සේක:


ඒ දාසයා පෙරළා පැමිණ සිය ස්වාමියාට එපවත් දැන්වී ය. එවිට ගෘහපතියා කෝප ව, ‘වහා ම නුවර වීදිවලට ද පටු මාවත්වලට ද යව, දිළිඳුන් ද අබ්බගාතයන් ද අන්ධයන් ද කොරුන් ද මෙ‍හි ගෙනෙව’යි සිය දාසයාට කී ය.


අහෝ! මැරුම් කෑ මාගේ සෙනඟ ගැන දිවා රෑ දෙක්හි හැඬීමට මාගේ හිස පොකුණක් ද මාගේ ඇස් කඳුළු උල්පතක් ද වූවොත් මම කැමැති ය.


මිනිසුන් ඔබේ ව්‍යවස්ථාව නොපිළිපදින බැවින් මාගේ දෑසින් කඳුළු ධාරා ගලා යයි.


ජාකොබ්ගේ පෙළපත් කතාව මේ ය. ජෝසෙප්ට වයස අවුරුදු දාහතක් වූ විට, ඔහු තම සහෝදරයන් සමඟ බැටළුවන්ට තණ කවමින් සිටියේ ය. ඔහු සිටියේ තම පියාගේ භාර්යාවන් වන බිල්හාගේ ද, ශිල්පාගේ ද පුත්‍රයන් සමඟ ය. ජෝසෙප් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන පියාට දැන්වුයේ ය.


ඔබේ නායකයන්ට කීකරු වී යටත් වන්න. මන්ද, ඔබ ගැන ඔවුන් ගණන් දිය යුතු බැවින්, ඔබගේ ආත්ම රැක බලාගැනීමට ඔව්හු නිරතුරු වෙහෙසෙති. එසේ කිරීම ඔවුන්ට බරක් නොව, ප්‍රීතියක් වීමට සලසන්න. එය බරක් වුවහොත්, ඔබට යහපතක් සිදු නොවේ.


ද්‍රෝහිකම් කරන්නන් දැක මම ඔවුන් පිළිකුල් කෙළෙමි. ඔව්හු ඔබේ නියමයන් නොපිළිපදිති.


මෙසේ කිරීමට තරම් මා දුර්වල වී නම් මම ලජ්ජා වෙමි. යමක් ගැන යමෙක් ආඩම්බර වේ නම්, මටත් එලෙස ආඩම්බර විය හැකි ය. මා එසේ කියන්නේ අඥානකමින් ය.


ඒ ඇසූ රජ අතිශයින් ශෝක විය. එහෙත්, තමාගේ දිවුරුම නිසාත්, තමා සමඟ සිටි අමුත්තන් නිසාත්, ඔහු ඒ ඉල්ලීම ඉටු කිරීමට අණ දී,


එහෙත්, ඒ දාසයා නික්ම ගොස්, තම සහකාර දාසයන්ගෙන් තමාට රුපියල් දෙසීයක් පමණ ණය ව සිටි කෙනෙකු දැක, ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන, ‘මගේ ණය ගෙවාපන්නැ’යි කී ය.


එහෙත්, ඔහු නොඉවසා ණය ගෙවන තෙක් ඔහු හිර අඩස්සි කෙළේ ය.


එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට, ‘දුෂ්ට දාසය, නුඹේ ඉල්ලීම නිසා මම ඒ ණය සියල්ල නුඹට කමා කෙළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්