Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 12:2 - Sinhala New Revised Version

2 පරිසිවරු ඒ දැක, “බලන්න, ඔබේ ශ්‍රාවකයෝ සබත් දිනයේ දී නොකටයුත්තක් කරති”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 පරිසිවරු ඒ දැක, “බලන්න! ඔබගේ ගෝලයෝ සබතේදී නීති විරෝධී දෙයක් කරති” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 පරිසිවරු ඒ දැක, “බලන්න, ඔබේ ශ්‍රාවකයෝ සබත් දිනයේ දී නොකටයුත්තක් කරති”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ඵරිසිවරු ඒ දැක: බැලුව මැනව, සබත් දවසේදී කරන්ට යුතු නැති දෙයක් ඔබගේ ගෝලයෝ කරතියි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 12:2
19 හුවමාරු යොමු  

එහි අතක් පණ නැති මිනිසෙක් විය. සමහර අය උන් වහන්සේට වරද තබන පිණිස, “සබත් දිනයේ දී සුව කරන්න යුතු දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ.


ජේසුස් වහන්සේ කතා කරමින්, “සබත් දිනයේ දී සුව කිරීම යුතු ද අයුතු දැ”යි විනයධරයන් හා පරිසිවරුන්ගෙන් ප්‍රශ්න කළ සේක.


ඔව්හු ආපසු අවුත් සුගන්ධ ද්‍රව්‍ය හා විලේපන සූදානම් කළහ. ව්‍යවස්ථාවට අනුකූල ව ඔව්හු සබත් දවසේ නිවාඩු ගත්හ.


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලා සබත් දවස ශුද්ධ ලෙස පවත්වා, ඒ දවසේ දී නුඹගේ කැමැත්ත නොකර, සමිඳුන්ගේ සබත ප්‍රිය වන ගෞරවණීය දවසක් යයි කියන්නහු නම්, ඒ දවසේ දී ගමන් බිමන් නොගොස්, ගනුදෙනු නොකර, අල්ලාප සල්ලාප නොදොඩා ඒ දවසට ගෞරව කරන්නහු නම්,


‘දවස් හයක් තුළ ඔබ වැඩ කළ යුතු ය. එහෙත්, හත් වන දින ඔබට ශුද්ධ දිනයක් ද සමිඳාණන් වහන්සේට කැප කළ සබත් නිවාඩුවක් ද විය යුතු ය. එදින වැඩ කරන කවරෙකු නමුත් මරනු ලැබිය යුතු ය.


දින හයක් නුඹ වැඩ කොට, හත් වන දින නුඹේ ගවයාට සහ කොටළුවාට විවේකය ලැබෙන පිණිසත්, නුඹේ දාසියගේ පුතුට හා විදේශිකයාට ශරීර ශක්තිය ලැබෙන පිණිසත් නුඹ විවේක ගත යුතු ය.


උන් වහන්සේ කතා කොට ඔවුන්ට මෙසේ වදාළ සේක: “දාවිත් රජු තමාට ද සිය පිරිවරට ද බඩගිනි වූ කල්හි කළ දේ, එනම්, දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළු ව, පූජකයන්ට මිස තමාට වත්, තම පිරිවරට වත් කන්න යුතු නැති පිදූ රොටි කෑ බව ඔබ කියවා නැද් ද?


පරිසිවරු ඒ දැක, “බලන්න, මොවුන් සබත් දිනයෙහි නොකට යුත්තක් කරන්නේ මක්නිසා දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.


එවිට පරිසිවරුන්ගෙන් සමහරෙක්, “සබත් දිනයේ දී නොකටයුත්තක් ඔබ කරන්නේ මන්දැ”යි ඇසූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්