Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විලාප ගී 1:10 - Sinhala New Revised Version

10 ඇගේ එදිරිකාරයා සිය අත පාමින්, ඇගේ සියලු වස්තුව පැහැරගෙන ඇත. සභාවට පිවිසීමට ඔබ තහනම් කළ විදේශීන් ශුද්ධස්ථානයට ඇතුළු වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඇගේ එදිරිකාරයා සිය අත පාමින්, ඇගේ සියලු වස්තුව පැහැරගෙන ඇත. සභාවට පිවිසීමට ඔබ තහනම් කළ විදේශීන් ශුද්ධස්ථානයට ඇතුළු වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එදිරිකාරයා ඇගේ සියලු ප්‍රියවූ දේ පිට තමාගේ අත හෙළුවේය. මක්නිසාද ඔබගේ සභාවට ඇතුල් නොවෙන හැටියට ඔබ අණකළ ජාතීන් ඇගේ ශුද්ධස්ථානයට ඇතුල්වෙනවා ඈ දුටුවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විලාප ගී 1:10
22 හුවමාරු යොමු  

“අම්මොනිය ජාතිකයෙකු වත්, මෝවබ් ජාතිකයෙකු වත්, මොවුන්ගෙන් පැවත එන අය වත්, දස වන පරම්පරාවේ දී වත් සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය.


‘අපි නින්දා බස් ඇසූ බැවින් ලජ්ජාවට පැමිණියෙමු. විදේශීන් සමිඳුන්ගේ මාලිගාවේ ශුද්ධස්ථානයට ඇතුළු වූ බැවින් අපි වියවුලට පත් වී සිටිමු’යි නුඹලා කියන්නහු ය.


ජෙරුසලම ඇගේ පීඩා සහ දුක් දවස්වල දී පෙර කල පටන් ඈට තිබුණු ඇගේ සියලු ප්‍රිය දේ සිහි කරයි. ඈට උපකාර කරන්නෙකු නැති ව, ඇගේ සෙනඟ සතුරාගේ අතට අසු වූ විට, උදව් කරන්න කිසිවෙක් නො වී ය. සතුරෝ ඈ දෙස බලා, ඇගේ වැටීම ගැන ඈට සරදම් කළෝ ය.


ඒ දවසේ සෙනඟ ඉදිරියෙහි මෝසෙස්ගේ පොත කියවද්දී, අම්මොනි ජාතිකයන් ද මෝවබ් ජාතිකයන් ද රොටි සහ වතුර රැගෙන ඉශ්රායෙල් පුත්‍රයන්ගේ පෙරමඟට නෑවිත් ඔවුන්ට සාප කරන පිණිස බාලාම් කුලියට ගත් නිසා,


“තවද, ‘බිහිසුණු දූෂිතය’ එයට නොහිමි තැන සිටිනු ඔබ යම් කලෙක දකින්නහු ද, (පාඨකයා තේරුම් ගනී වා), එකල ජුදයෙහි සිටින අය කඳුවලට පලා යෙත් වා.


නුඹලා මාගේ ආහාර වන තෙල ද ලේ ද ඔප්පු කරන විට, මාගේ මාලිගාව කෙලෙසන හැටියට මාගේ ශුද්ධස්ථානයෙහි සිටීමට ගතින් හා සිතින් පාප මල කපා නොදැමූ විදේශීන් එය ඇතුළට ගෙනාවහු ය. නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා මදිවාට නුඹලා මාගේ ගිවිසුමත් කඩ කළහු ය.


උන් වහන්සේ කතා කරමින්, “නුඹලා දේව මාලිගාව අපවිත්‍ර කරමින්, එය මළකඳන්වලින් පුරවා පිටත යන්නැ”යි ඔවුන්ට වදාළ සේක. ඔව්හු පිටතට ගොස්, නුවර ඇතුළෙහි සෙනඟට පහර දුන්නෝ ය.


මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගනිමි. ඔවුන් මාගේ දේව මාලිගාව කෙලෙසනු ඇත. කොල්ලකාරයන් ද ඊට ඇතුල් වී එය කෙලෙසනු ඇත.


ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජ මාලිගාව ද ජෙරුසලමේ සියලු ගෙවල් ද ප්‍රභූවරුන්ගේ මන්දිර ද පුළුස්සාදැමුවේ ය.


තවද, මම මේ මුළු නගරයේ සම්පත ද එහි ධනය ද එහි ඇති සියලු වටිනා දේ ද ජුදා රජවරුන්ගේ සකල වස්තුව ද ඔවුන්ගේ සතුරන් අතට දෙන්නෙමි; ඔවුන් ඒවා කොල්ලකා බබිලෝනියට ගෙනයනු ඇත.


සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “දේශයේ හැම තැන ම ඔවුන් කර ඇති ඔවුන්ගේ පව් නිසා, මාගේ සෙනඟගේ සම්පත හා වස්තුව කොල්ලයක් මෙන් පැහැරගෙන යන්නට මම සලස්වන්නෙමි.


ටික කලකට ඔබ වහන්සේගේ ශුද්ධ සෙනඟ ශුද්ධස්ථානය අත්කර ගත්හ. එහෙත් අපේ සතුරෝ එය පාගා දැමූහ.


බබිලෝනියෙන් ගැළවී පලා ගිය සෙනඟ සියොන්ට පැමිණ, අපේ දෙවි ස්වාමීන් වහන්සේ දේව මාලිගාවට කළ විනාශය නිසා බබිලෝනිවරුන්ගෙන් පළිගත් අයුරු ප්‍රකාශ කළෝ ය.


ඔවුන් නොයා යුත්තේ, ඔබ මිසර දේශයෙන් නික්ම එන විට, මාර්ගයේ දී ඔබට ඔවුන් ආහාර පාන නුදුන් නිසාත්, ඔවුන් ඔබට විරුද්ධ ව සාප කරනු සඳහා මෙසොපොතාමියේ පෙතෝර් නගරයේ බෙයෝර්ගේ පුත් බාලාම් කුලියට ගත් නිසාත් ය.


ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ ලොකු කුඩා සියලු භාණ්ඩ ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජුගේත්, ඔහුගේ අධිපතීන්ගේත් වස්තු ද යන සියල්ල ම බබිලෝනියට ගෙන ගියේ ය.


“බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්, ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද ජුදාහි හා ජෙරුසලමේ ප්‍රධානීන් ද අල්ලාගෙන බබිලෝනියට යද්දී, ඔහු කුළුණු, ලෝකඩ තටාකය, මැසි හා දේව මාලිගාවේ අනික් භාණ්ඩ ගෙන ගියේ නැත.


“ඉන්පසු ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ද ජුදාහි රජ මැදුරෙහි ද ඉතිරි ව ඇති ඒ භාණ්ඩ ගැන ස්වාමීන් වන මා වදාරන දේට සවන් දෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්