Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විලාප ගී 1:1 - Sinhala New Revised Version

1 සෙනඟගෙන් පිරී තිබුණ නුවර දැන් පාළු වී තිබෙන හැටි! ජාතීන් අතර උතුම් වී සිටි ඈ කණවැන්දුමියක මෙන් වී දේශාධිපතිනියක් වූ ඇය දාසියක් වී සිටින හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 සෙනඟගෙන් පිරී තිබුණ නුවර දැන් පාළු වී තිබෙන හැටි! ජාතීන් අතර උතුම් වී සිටි ඈ කණවැන්දුමියක මෙන් වී දේශාධිපතිනියක් වූ ඇය දාසියක් වී සිටින හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 සෙනඟගෙන් පිරී තිබුණු නුවර තනිව හිඳින හැටි! ඈ වැන්දඹුවක් මෙන් වූ හැටි! ජාතීන් අතරෙහි උතුම්ව දනව් අතරෙහි කුමාරිකාවක්ව සිටි තැනැත්තී ආදායමට යටත්වූ හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විලාප ගී 1:1
38 හුවමාරු යොමු  

සලමොන් රජ වනාහි යුප්‍රටීස් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ දේශ සීමාව දක්වා සියලු රාජ්‍යයන් ආණ්ඩු කෙළේ ය. ඔව්හු කප්පම් ගෙනවුත් දී සලමොන් රජුගේ මුළු කාලය තුළ ඔහුට සේවය කළෝ ය.


එවිට ඔහු ජෙරුසලමෙහි රජකම් නොකරන පිණිස පාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහි දී ඔහු සිර අඩස්සි කොට, රිදී කිලෝග්‍රෑම් තුන්දාස් හාරසියයකුත්, රන් කිලෝග්‍රෑම් තිස්හතරකුත් දේශයට දඩ ගැසී ය.


ජෙහෝයාකිම් ඒ රිදී ද රන් ද පාරාවෝට දුන්නේ ය. එහෙත්, පාරාවෝගේ නීතිය ප්‍රකාර ඒ මුදල් දෙන පිණිස ඔහු දේශයට ගණන නියම කොට, පාරාවෝ-නෙකොට දීමට එකිනෙකාට නියම කළ හැටියට ඒ රිදී ද රන් ද දේශයේ සෙනඟගෙන් අය කෙළේ ය.


ඔහු යුප්‍රටීස් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සිටි සියලු රජවරුන් පාලනය කෙළේ ය.


තවද, යුප්‍රටීස් ගඟින් එගොඩ තිබෙන මුළු රට ආණ්ඩු කළ රජුන් ජෙරුසලමෙහි සිටි බවත්, තීරු බද්ද ද ආදායම් බද්ද ද සුංගම් ද ඔවුන්ට දෙන ලද බවත් දැනගන්නට ලැබී ඇත.


තවත් සමහරු, “අපේ බිම්වලට හා මිදි වතුවලට රජුගේ තීරු බදු ගෙවීමට අපට මුදල් ණයට ගන්නට සිදු වී තිබේ.


අපේ පව් නිසා ඔබ අප කෙරෙහි පත් කළ රජුන්ට දේශයේ අස්වැන්න අයිති වන්නට සලසා ඇත. ඔව්හු සිය කැමැත්ත පරිදි අප කෙරෙහි ද අපේ ගවයන් කෙරෙහි ද බලය පවත්වති. අපි මෙබඳු මහා දුකකින් සිටිමු.


ඉශ්රායෙල් සෙනඟට නියම කළ ලෙස ගෝත්‍රයෝ, සමිඳුන්ගේ ගෝත්‍රයෝ, එතුමන් නමට තුති දෙන පිණිස මෙම නගරය වෙත පැමිණෙති.


“දීප්තිමත් පහන් තාරකාවෙනි, අරුණෝදයේ පුත්‍රයාණෙනි, ඔබ ස්වර්ගයෙන් වැටී සිටින හැටි! පෙර ඔබ ජාති ජාතීන් පරාජය කෙළෙහි ය. දැන් ඔබ බිමට හෙළා වැටී සිටින හැටි!


මුළු නගරය ඔල්වර හඬින් ද ඝෝෂාවෙන් ද කලබලයෙන් ද පිරී ඇත. මේ යුද්ධයේ දී මැරුම් කෑ අය මැරුණේ කඩුවෙන් හෝ සටනේ දී හෝ නොවේ.


නගරයේ දොරටු අසලින් හැඬීමත්, වැළපීමත් නික්මෙනු ඇත. නගරය ද නග්න ව බිම වැතිර සිටින ස්ත්‍රියක මෙන් වන්නී ය.


එවිට නුඹ නුඹට ම මෙසේ කියා ගනු ඇත: ‘මොවුන් මා හට ඉපදෙව්වේ කවරෙක් ද? මම දරුවන් නැති ව වඳ ව, රටෙන් පිටිවහල් වී ඔබමොබ ගියෙමි. මොවුන් ඇති කළේ කවරෙක් ද? මම තනි ව සිටියෙමි. මොවුන් ආවේ කොතැනින් ද?”


දෙවි සමිඳුන් මාගේ කන් පහදා ඇත. මා එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවේ වත්, එතුමන්ට පිටුපා ගියේ වත් නැත.


ජෙරුසලම, ඔබ ධූලි ගසාදමා නැඟිට සිටින්න, වහලියක වූ සියොන් පුරඟන, ඔබේ ගෙල වටා ඇති විලංගු ගලවාදමන්න.


සුබ ආරංචි ගෙන එන, සාමය ප්‍රකාශ කරන, යහපත ගැන සුබසුන් පළ කරන ගැළවීම ගැන ලොවට දන්වන, “නුඹේ දෙවි තුමාණෝ රජකම් කරන සේකැ”යි සියොනට කියන, කඳු මුඳුන්හි පෙනෙන දූතයාගේ පාද කොපමණ අලංකාර වන්නේ ද?


බිය නොවන්න; නුඹ නැවත ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැළඹෙන්න, නුඹ නින්දාවට පත් වන්නේ නැත. නුඹේ යොවුන් වියෙහි ලජ්ජාව නුඹ අමතක කරන්නෙහි ය. නුඹේ වැන්දඹුකමේ නින්දාව තවත් සිහි නොකරන්නෙහි ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජාතීන් අතර අගතැන්පත් ඉශ්රායෙල් ගැන ප්‍රීතියෙන් ගී ගයන්න. ‘සමිඳාණෝ සිය සෙනඟ ගැළවූ සේක; ඉතිරි ව සිටින සෙනඟ මුදාගත් සේක’ කියමින් හඬ නඟා පැසසුම් ගී ගයමින් ප්‍රශංසා කරන්න.


එවිට ෂාපාන්ගේ පුත් වන අහිකාම්ගේ පුත් ගෙදලියා ඔවුන්ටත්, ඔවුන්ගේ සෙනඟටත් දිවුරුම් දෙමින් කතා කොට, “බබිලෝනිවරුන්ට සේවය කරන්නට බිය නොවන්න. දේශයෙහි වසමින් බබිලෝනියේ රජුට සේවය කරන්න. එවිට ඔබට ශුභසිද්ධ වන්නේ ය.


දිවැසිවර ජෙරමියා වෙත පැමිණ, “අනේ! අපේ කන්නලව්ව ඇසුව මැනව. අප උදෙසා ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්න. ඉතිරි ව සිටින අප සියල්ලන් උදෙසා යාච්ඤා කරන්න. වරක් අපි බොහෝ දෙනෙක් සිටියෙමු; එහෙත්, ඔබට පෙනෙන පරිදි ඉතිරි ව සිටින්නේ අපි ස්වල්ප දෙනෙක් පමණි.


“ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: මා ජෙරුසලමටත්, ජුදාහි සියලු නගරවලටත් පැමිණෙවූ සියලු විපත්ති නුඹලා දුටුවහු ය. බලන්න, අද ඒවා නටබුන් වී තිබේ. කිසිවෙක් එහි නොවසති.


ඒ නිසා මාගේ උදහස ද කෝපය ද ජුදාහි නගර පිටත්, ජෙරුසලමේ වීදිවලත් වගුරුවා මම ඒවා ගිනි ලෑවෙමි. ඒවා නැතිනාස්ති වී තිබෙන අයුරු අද වුව ද දක්නට ලැබේ.


බබිලෝනිය කුළුගෙඩියක් මෙන් මුළු ලොවට පහර දුන්නේ ය. දැන් ඒ කුළුගෙඩිය කැඩී බිඳී ගොස් තිබෙන හැටි! ජාතීන් අතර බබිලෝනිය භයානක දර්ශනයක් වී තිබෙන හැටි!


සමිඳාණන් වහන්සේ කතා කොට, “මම ජෙරුසලම නටබුන් ගොඩක් ද සිවලුන්ගේ වාසයක් ද කරන්නෙමි; කිසිවෙකුට වාසය නොකළ හැකි ලෙස මම ජුදාහි නගර පාළු කරන්නෙමි”යි වදාළ සේක.


මාගේ පෙම්වතුන්ට අඬගැසීමි, එහෙත්, ඔව්හු මා රැවටුවෝ ය. මාගේ පූජකයෝ ද මාගේ නායකයෝ ද තමන්ගේ ප්‍රාණ රැකගන්න පිණිස තමන්ට කෑම සොයන අතර නුවර තුළ නැසී ගියෝ ය.


සමිඳාණන් සිය උදහසින් සියොන් පුරඟන පිට අඳුර ගෙනා හැටි! එතුමාණෝ ඉශ්රායෙල්ගේ තේජෝමහිමය ස්වර්ගයෙන් පොළොවට හෙඵෑ සේක. තමන් උදහස් දවසේ දී සියොන් තමන් පාපුටුව බව සිහි නොකළ සේක.


සියොන් පුරඟනගේ මහලු අය හිඳගෙන නිශ්ශබ්ද ව සිටිති. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගෙන, ගෝණි රෙදි ඇඳගෙන සිටිති. ජෙරුසලමේ කන්‍යාවෝ තමන්ගේ හිස බිමට නමාගෙන හිඳිති.


පරණ රත්රන් අඳුරු වී තිබෙන හැටි! පෙරූ රත්රන් වෙනස් වී තිබෙන හැටි! ශුද්ධස්ථානයේ ගල් සියලු මංසන්ධිවල විසුරුවා තිබේ.


අපේ හිසින් මල්දම් වැටුණේ ය. අප පව් කළ බැවින් අනේ! අපට වන දුකක මහත!


එකල මුහුදේ සියලු ම අධිපතීහු ද තමන්ගේ සිංහාසනවලින් බැස, තමන්ගේ සළු ඉවත තබා, තමන්ගේ විසිතුරු වස්ත්‍ර ගලවා දමා, භීතියෙන් ඇලළී ගොස් හිඳගෙන මොහොතින් මොහොත වෙවුළමින්, නුඹේ ඉරණම ගැන බියට පත්වන්නෝ ය.


“මනුෂ්‍ය පුත්‍රය, තීර් ජෙරුසලමට විරුද්ධ ව කතා කොට, ‘ඔහෝ! ජනයන්ගේ දොරටුව වන ඈ කඩාදමනු ලැබුවා ය. එය මා දෙසට ඇරී තිබේ. ඈ පාළු කරනු ලැබ සිටින නිසා මට පූර්ණකම සෑහීමට ඇති වන්නේ ය’යි සරදම් කරමින් කීවා ය.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජෙරුසලම දෙස බලන්න. මම ඈ ජාතීන් මැද පිහිටුවීමි. ඈ අවටින් විදෙස් රටවල් තිබේ.


මම නුඹලාගේ නගර වනසා, ශුද්ධස්ථාන පාළු කොට, නුඹලාගේ පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.


නුඹලාට විරුද්ධ ව යුද්ධ ඇති කොට, මිසදිටුවන් අතර නුඹලා විසුරුවා හරිමි. නුඹලාගේ රට පාළු වනු ඇත, නගර වැනසෙනු ඇත.


සිය ශක්තිය ගැන අහංකාරී වූ, ‘අනතුරින් තොර ය’යි සිතූ නගරයට සිදු වන දේ මෙය වේ. එහි වැසියෝ, ‘ලෝකයේ ඉතා ම උසස් නගරය මෙය ය’යි සිතූ හ. එහෙත්, එය කුමන විධියේ පාළුකරයක් වන්නේ ද? එය වන මෘගයන් ලගින ස්ථානයක් වන්නේ ය. ඒ අසලින් යන හැම දෙන ම අත් මිට මොළවා කවටකම් කරන්නෝ ය.


ඇගේ ආත්ම වර්ණනාවේ හා සැප ජීවිකාවේ ප්‍රමාණයට, ඈට ශෝකය ද වද වේදනා ද දෙන්න. මන්ද, ‘මම රැජිනක් ව වැජඹෙමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකය කිසි දිනක නොවිඳිමි’යි ඈ තමාට ම කියා ගන්නී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්