Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 8:4 - Sinhala New Revised Version

4 ගිඩියොන් සහ ඔහුගේ මිනිස්සු තුන්සියදෙනා ජොර්දාන් ගඟ ළඟට පැමිණ එයින් එතෙර වූ හ. ඔව්හු අධික වෙහෙසට පත් වී සිටිය නමුත්, එතෙක් සතුරන් ලුහුබැඳ ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ගිඩියොන් සහ ඔහුගේ මිනිස්සු තුන්සියදෙනා ජොර්දාන් ගඟ ළඟට පැමිණ එයින් එතෙර වූ හ. ඔව්හු අධික වෙහෙසට පත් වී සිටිය නමුත්, එතෙක් සතුරන් ලුහුබැඳ ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ගිඩියොන්ද ඔහු සමඟ සිටි මිනිසුන් තුන්සියයද ක්ලාන්තව සිටි නුමුත් එළවාගනම ගොස් යොර්දානට පැමිණ එගොඩට ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 8:4
10 හුවමාරු යොමු  

ඒ නිසා යහපත කිරීමට මැළි නොවෙමු. මන්ද, මන්දෝත්සාහී නුවූවොත් අපි යථා කාලයේ දී අස්වැන්න නෙළාගන්නෙමු.


එබැවින් අපි අධෛර්ය නොවෙමු. බාහිර වශයෙන් අප දිරාපත් වෙමින් සිටියත්, අභ්‍යන්තරික වශයෙන් අපි දිනෙන් දින ම අලුත් වෙමින් පවතිමු.


එහෙත්, දාවිත් සහ සෙනඟ හාරසියදෙනෙක් ලුහුබැඳ ගියහ. බෙසොර් ඔයෙන් යාමට බැරි තරම් වෙහෙස ව සිටි මිනිසුන් දෙසියයක් නතර වූ හ.


ඔව්හු මිදියන්වරුන්ගේ අධිපතීන් දෙදෙනා වන ඔරෙබ් ද ශීබ් ද අල්ලාගෙන, ඔරෙබ් නම් පර්වතය ළඟ දී ඔරෙබ් ද ශීබ්හි ඇති මිදි යන්ත්‍රය ළඟ දී ශීබ් ද මරාදමා, මිදියන්වරුන් පස්සේ එළවාගෙන ගියෝ ය. ඔව්හු ඔරෙබ්ගේ ද ශීබ්ගේ ද හිස් දෙක ජොර්දානෙන් එතෙර සිටි ගිඩියොන් වෙත ගෙනාවෝ ය.


ඔබ අතට දෙවියන් වහන්සේ මිදියන්හි අධිපතීන් වන ඔරෙබ් ද ශීබ් ද පාවා දුන් සේක. ඔබ කළ දේට සමාන ව මට කරන්නට හැකි වූයේ කිමෙක් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔහු එසේ කී කල ඔහු කෙරෙහි තිබුණ ඔවුන්ගේ කෝපය සංසිඳුණේ ය.


දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මම මේ හමුදාව ලුහුබැඳ ගියොත්, ඔවුන් කරා පැමිණෙන්නට මට පුළුවන් වේ දැ”යි ඇසුවේ ය. උන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න; මන්ද, නුඹ සැබැවින් ම ඔවුන් කරා පැමිණ නොවරදවා සිරකරුවන් සියලු දෙනා ම නැවත ලබාගනු ඇතැ”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්