Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 8:23 - Sinhala New Revised Version

23 ගිඩියොන් පිළිතුරු දෙමින්, “මම ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි; මාගේ පුත්‍රයා වත් ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නේ ය; සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙහි ආණ්ඩු කරන සේකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ගිඩියොන් පිළිතුරු දෙමින්, “මම ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි; මාගේ පුත්‍රයා වත් ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නේ ය; සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙහි ආණ්ඩු කරන සේකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 ගිඩියොන් ඔවුන්ට කථාකොට: මම නුඹලා කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි, මාගේ පුත්‍රයාවත් නුඹලා කෙරෙහි ආණ්ඩුනොකරන්නේය; ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි ආණ්ඩුකරනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 8:23
14 හුවමාරු යොමු  

සදහට ම සමිඳාණෝ රජිඳාණෝ ය, එතුමන්ගේ විජිතයෙන් විජාතීන් වැනසෙනු ඇත.


තමන් මැවූ තැනැන් වහන්සේ කෙරෙහි ඉශ්රායෙල් ප්‍රීති වෙත් වා! තමන්ගේ රජුන් කෙරෙහි සියොන්හි දරුවෝ ප්‍රීතිමත් වෙත් වා!


ඒ නැව්වල ආම්පන්නවලින් වැඩක් නැත.


අපි ඔබ විසින් කිසි කලක පාලනය නොකරන ලද්දවුන් මෙන් ද ඔබේ නාමය නොදරන ලද අය මෙන් ද වී සිටියෙමු.


ඔබ ඇදහිය යුතු දේ ගැන අපි ඔබට විධාන නොකරමු. ඔබගේ ප්‍රීතිය සඳහා අපි සහයෝගයෙන් ඔබ සමඟ සේවය කරමු. මන්ද, ඔබගේ ඇදහිල්ල ස්ථීර ය.


ඔබට භාර ව සිටින අය කෙරෙහි ආධිපත්‍යය පෑමෙන් වැළකී රැළට ආදර්ශයක් වන්න.


එවිට සෙනඟ හා ගිලියද්හි අධිපතියෝ එකිනෙකාට කතා කරමින්, “අම්මොන් සෙනඟට විරුද්ධ ව සටන් කරන්නට පටන්ගන්න මිනිසා කවරෙක් ද? ඔහු ගිලියද්හි සියලු වැසියන් කෙරෙහි ප්‍රධානියා කරන්නෙමු”යි කී හ.


සමිඳාණන් වහන්සේ ඔවුන්ට වීර නායකයන් පත් කර දුන් විට උන් වහන්සේ වීර නායකයන් සමඟ සිට, ඔවුන්ගේ මුළු ජීවිත කාලය තුළ ඉශ්රායෙල්වරුන් සතුරන්ගේ අතින් ගැළෙවු සේක. ඔවුන්ට පීඩා කළාවූ ද ඔවුන් පොඩි කළාවූ ද අය කරණකොටගෙන හටගත් ඔවුන්ගේ කෙඳිරිගෑම නිසා සමිඳාණන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කළ සේක.


ඉශ්රායෙල් ජනයා ගිඩියොන්ට කතා කොට, “ඔබ ද ඔබේ පුත්‍රයා ද ඔබේ පුත්‍රයාගේ පුත්‍රයා ද අප කෙරෙහි ආණ්ඩු කළ යුතු ය. මන්ද, ඔබ මිදියන්වරුන්ගේ අතින් අප ගළවා ගත්තෙහි යැ”යි කී හ.


එහෙත්, නුඹලාගේ සියලු විපත්තිවලින් ද පීඩාවලින් ද නුඹලා ගැළෙවු නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා නුඹලා අද එපා කර, නුඹලාට රජ කෙනෙකු පත් කරන ලෙස මාගෙන් ඉල්ලන්නහු ය. එබැවින් දැන් නුඹලා ගෝත්‍ර වශයෙන් ද පවුල් වශයෙන් ද ස්වාමීන් වන මා ඉදිරියේ රැස් වන්න.’ “


එහෙත්, අම්මොන්වරුන්ගේ රජ වූ නාහාෂ් ඔබට විරුද්ධ ව එන බව ඔබ දුටු කල ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ රජ ව සිටි නමුත්, ඔබ කතා කරමින්, ‘එසේ නොවේ, අප කෙරෙහි රජ කරන පිණිස අපට රජ කෙනෙක් ඕනෑ ය’යි කීවහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්