Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 7:4 - Sinhala New Revised Version

4 සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “සෙනඟගේ ගණන තවමත් වැඩි ය. ඔවුන් වතුර සමීපයට ගෙන එන්න, එහි දී මම ඔවුන් වෙන් කොට ඔබට තෝරා දෙන්නෙමි. ‘මොහු නුඹ සමඟ යා යුතු ය’යි මම යමෙකු ගැන නුඹට කියන්නෙම් ද ඔහු යන්නේ ය. ‘මොහු නුඹ සමඟ නොයා යුතු ය’යි මම යමෙකු ගැන නුඹට කියන්නෙම් ද ඔහු නොයන්නේ යැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “සෙනඟගේ ගණන තවමත් වැඩි ය. ඔවුන් වතුර සමීපයට ගෙන එන්න, එහි දී මම ඔවුන් වෙන් කොට ඔබට තෝරා දෙන්නෙමි. ‘මොහු නුඹ සමඟ යා යුතු ය’යි මම යමෙකු ගැන නුඹට කියන්නෙම් ද ඔහු යන්නේ ය. ‘මොහු නුඹ සමඟ නොයා යුතු ය’යි මම යමෙකු ගැන නුඹට කියන්නෙම් ද ඔහු නොයන්නේ යැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට: සෙනඟ තවම වැඩිය; ඔවුන් වතුර සමීපයට ගෙනෙන්න, මම එහිදී ඔවුන් නුඹ උදෙසා විමසන්නෙමි. මොහු නුඹ සමඟ යේවයි මම යමෙකු ගැන නුඹට කියන්නෙම්ද ඔහු යන්නේය; මොහු නුඹ සමඟ නොයේවයි මම යමෙකු ගැන නුඹට කියන්නෙම්ද ඔහු නොයන්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 7:4
10 හුවමාරු යොමු  

චතුරංගනි සේනා බලය නිසා ගැළවුණු රජෙක් නැත; තම වීර වික්‍රමයෙන් ගැළවීම සලසා ගත් රණ ශූරයෙක් නැත.


එහෙත්, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “ඔහුගේ පෙනීම දෙස වත්, ශරීරයේ උස මහත දෙස වත් නොබලන්න; මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කෙළෙමි. සමිඳාණන් වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලන සේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත්, සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය”යි වදාළ සේක.


එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක; මා පරීක්ෂණයකට භාජන කළොත් මා තනි රත්රන් බව දැනගනු ඇත.


ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අපි අර අචර්මඡේදිත නීචයන්ගේ මුර හමුදාව ළඟට යමු. සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇත. මන්ද, බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ අප ගළවන්නට සමිඳාණන් වහන්සේට බැරිකමක් නැතැ”යි කීවේ ය.


අහෝ දෙවිඳුනි! ඔබ අප පරීක්ෂා කළ සේක; රිදී සෝදිසි කරන පරිදි ඔබ අප සෝදිසි කළ සේක.


මිනිස් සිතෙහි සිතුම්පැතුම් විමසාලන, දැහැමිකමින් අගතැන් පත් දෙවි උතුමාණෙනි, අදමිටුකම් බිඳ දමන්න; දහම් රජය පිහිටුවන්න.


ඉනික්බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින්, “ආබ්‍රහම්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “ස්වාමීනි මම මෙහි ය” කියා උත්තර දුනි.


ගිඩියොන් සෙනඟ වතුර ළඟට ගෙනාවේ ය. සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “බල්ලෙකු ලෙවකා බොන ලෙස තමන්ගේ දිවෙන් ලෙවකා වතුර බොන හැම දෙන ද වතුර බොන්නට දණ ගසන හැම දෙන ද වෙන වෙන ම සිටුවන්නැ”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්