Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 6:32 - Sinhala New Revised Version

32 “බාල්ගේ පූජාසනය කඩා දැමූ නිසා බාල් ම තමා උදෙසා කරුණු කියා වා”යි ඒ දවසේ දී කියූ ජෝවාෂ් ‘බාල් ම තමාගේ ම විත්තිකාරයා ය’ යන අර්ථය ඇති ජෙරුබ්බාල් යන නම ගිඩියොන්ට තැබුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 “බාල්ගේ පූජාසනය කඩා දැමූ නිසා බාල් ම තමා උදෙසා කරුණු කියා වා”යි ඒ දවසේ දී කියූ ජෝවාෂ් ‘බාල් ම තමාගේ ම විත්තිකාරයා ය’ යන අර්ථය ඇති ජෙරුබ්බාල් යන නම ගිඩියොන්ට තැබුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 ඔහු බාල්ගේ පූජාසනය කඩාදැමූ නිසා බාල්ම ඔහුට විරුද්ධව කාරණා කියාවයි කියා ඒ දවසේදී ඔහුට යෙරුබ්බාල් යන නම තැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 6:32
7 හුවමාරු යොමු  

එවිට සමිඳාණන් වහන්සේ ජෙරුබ්බාල් ද බාරාක් ද ජෙප්තා ද සාමුවෙල් ද එවා වටකර සිටි ඔබේ සතුරන්ගේ අතින් ඔබ ගැළෙවු සේක. එවිට ඔබ සුරක්ෂිත ව වාසය කළහු ය.


ජෙරුබ්බෙෂෙත්ගේ පුත් අබිමෙලෙක් මරන ලද්දේ කවරෙකු විසින් ද? තේබේශ්හි දී ස්ත්‍රියක පවුරේ සිට ඔහු පිට ඇඹරුම් ගලක උඩ පළුව හෙළා ඔහු මැරුවා නො‍වේ ද? ඔබ එපමණ පවුරට ළං වුණේ මන්දැ’යි ඔබට කීවොත්, ‘ඔබේ සේවකයා වන හිත්තීය උරියා ද මළේ ය’යි දන්වන්නැ”යි ඔහුට අණ කෙළේ ය.


ජෙරුබ්බාල් නම් ගිඩියොන් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද අලුයම් වේලෙහි නැඟිට හාරොද්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝ ය. ඔවුන්ට උතුරෙන් මිදියන්වරුන්ගේ කඳවුරු මොරේගේ කන්ද ළඟ මිටියාවතෙහි තිබුණේ ය.


“ඉශ්රායෙල් සෙනඟ මට හමු වූයේ කාන්තාරයේ මුද්‍රික පල මෙන් ය. මා නුඹලාගේ මුතුන්මිත්තන් මුලින් ම දුටු විට, පළමු සෘතුවේ අත්තික්කාවල නාඹුල් පල දැකීමක් මෙන් විය. එහෙත්, බාල්-පෙයොර් නම් ස්ථානයට පැමිණි විට ඔව්හු නින්දිත බාල් දේවතාවන්ට කැප වූ හ. එබැවින් ඔවුන් දේවතාවන්ට ඇළුම් වූ තරමට ම මම ඔවුන් පිළිකුල් කෙළෙමි.


ජුදාවේ සෙනඟට, නගර ඇති තරමට දෙවිවරුත් සිටිති; නින්දිතයා නම් වූ බාල් දෙවියාට නමස්කාරය සඳහා ජෙරුසලමේ වැසියන් ඔවුන්ට ඇති වීදි තරමට, පූජාසන ද පිහිටුවා ඇත.


ජෝවාෂ් ද ඔහුට විරුද්ධ ව සිටි සියලු දෙනාට කතා කොට, “ඔබ බාල් උදෙසා කරුණු කියන්නහු ද, නොහොත් ඔහු ගළවාගන්නට උත්සාහ කරන්නහු ද? බාල් උදෙසා කරුණු කියන්නට කැමැති තැනැත්තේ එළි වන්නට පෙර මරනු ලැබේ වා. බාල් දෙවි කෙනෙක් නම්, ඔහුගේ පූජාසනය යමෙකු කඩා දමා තිබෙන නිසා ඔහු ම තමා උදෙසා කරුණු කියා වා”යි කීවේ ය.


එපමණක් නොව, ජෙරුබ්බාල් හෙවත් ගිඩියොන් ඉශ්රායෙල් ජනයාට කළ සියලු යහපත් දේට ඔබින ලෙස ඔහුගේ පවුලට ඔව්හු කෙළෙහිගුණ ද නොදැක්වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්