Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 6:27 - Sinhala New Revised Version

27 එවිට ගිඩියොන් සිය වැඩකාරයන්ගෙන් දසදෙනෙකු කැඳවාගෙන, සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ ලෙස කෙළේ ය. ඔහු තමාගේ පියාගේ ගෙවැසියන් නිසාත්, නගර වැසියන් නිසාත් එය දවාලේ කරන්නට බිය වී රාත්‍රියේ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 එවිට ගිඩියොන් සිය වැඩකාරයන්ගෙන් දසදෙනෙකු කැඳවාගෙන, සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ ලෙස කෙළේ ය. ඔහු තමාගේ පියාගේ ගෙවැසියන් නිසාත්, නගර වැසියන් නිසාත් එය දවාලේ කරන්නට බිය වී රාත්‍රියේ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 එවිට ගිඩියොන් තමාගේ වැඩකාරයන්ගෙන් දසදෙනෙකුන් කැඳවාගෙන ස්වාමීන්වහන්සේ ඔහුට කී ලෙස කෙළේය. ඔහු තමාගේ පියාගේ ගෙයි වැසියන් නිසාත් නුවර වැසියන් නිසාත් එය දවාලේදී කරන්ට භයව රාත්‍රියේදී කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 6:27
10 හුවමාරු යොමු  

එහෙත් ධර්මදූත සේවය පැවරීමට අප සුදුස්සන් යයි දෙවියන් වහන්සේ අප අනුමත කළ ලෙසින් ඒ අනුව අපි කතා කරමු. මිනිසුන් සතුටු කිරීමට නොව, නිතර ම අපගේ සිත් විමසන දෙවියන් වහන්සේ සතුටු කිරීමට උත්සාහ කරමු.


උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, ‘මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ’යි කී හ.


මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට කතා කොට මෙසේ කී ය: “ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී, එය අයිති කරගෙන, එහි ජීවත් වන පිණිස, ඔබ විසින් ඉටු කළ යුතු, මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට, ඉශ්රායෙල්වරුනි, දැන් ඉතින් සවන් දෙන්න.


විජාතීන් අතර ස්වකීය පුත්‍රයාණන් ප්‍රකාශ කරන පිණිස ඒ පුත්‍රයාණන් මට එළිදරව් කිරීමට තීරණය කළ සේක. එවිට අවවාද ලබන පිණිස මා කිසි පුද්ගලයෙකු වෙත ගියේ වත්,


මා ඔබට අණ කරන දේ ඔබ කරන්නහු නම්, ඔබ මාගේ මිතුරෝ ය.


ඔහු එක් රැයක උන් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, ඔබ දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ ගුරුවරයෙකැ යි අපි දනිමු; මන්ද, දෙවියන් වහන්සේ තමා සමඟ වැඩ නොසිටින සේක් නම්, කිසිවෙකුට ඔබ කරන මේ හාස්කම් කළ නොහැකි ය”යි කී ය.


එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළ සේක: “යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා!


දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ; ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය.


මේ බලකොටුව මුදුනේ නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට පූජාසනයක් නිසි පිළිවෙළට සාදා, ගොනා ගෙන, නුඹ කපා දමන අෂේරා කප් ලීවලින් ඌ දවන යාග පූජාවක් කොට ඔප්පු කරන්නැ”යි වදාළ සේක.


නගර වැසියෝ අලුයම අවදි වූ විට, බාල්ගේ පූජාසනය කඩා තිබෙන බවත්, ඒ ළඟ තිබුණු අෂේරා කප් කණු කපා, ගොඩනඟා තිබුණු පූජාසනය මත ගොනා පූජා කර තිබුණු බවත් දුටුවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්