Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 6:2 - Sinhala New Revised Version

2 මිදියන්වරු ඉශ්රායෙල්වරුන්ට වඩා බලසම්පන්න වූ හ. මිදියන්වරුන්ගෙන් බේරෙන පිණිස ඉශ්රායෙල් සෙනඟ කඳුවිවරවල ගුහා ද කොටු ද පාවිච්චි කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 මිදියන්වරු ඉශ්රායෙල්වරුන්ට වඩා බලසම්පන්න වූ හ. මිදියන්වරුන්ගෙන් බේරෙන පිණිස ඉශ්රායෙල් සෙනඟ කඳුවිවරවල ගුහා ද කොටු ද පාවිච්චි කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 මිදියන්වරුන්ගේ අත ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ජයගත්තේය. මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල් පුත්‍රයෝ කඳුවල තිබෙන බිම්ගෙවල්ද ගුහාවල්ද කොටුද සාදාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 6:2
12 හුවමාරු යොමු  

එවැන්නන් දැරීමට මේ ලෝකය වටින්නේ නැත. ඔව්හු මරුකතරෙහි හා කඳුකරවල ද ගුහාවල ද බිම්ගෙවල ද ගැවසුණ හ.


එවිට ඉශ්රායෙල්වරු තමන් අනතුරට භාජන වී සිටි බව දුටුවෝ ය. ඔව්හු අවදානම් තත්ත්වයක සිටියෝ ය. එවිට සෙනඟ ගුහාවල ද වළවල ද පර්වතවල ද පතල්වල ද ළිංවල ද සැඟවුණෝ ය.


පොළොවේ රජවරු ද උත්තමයෝ ද සේනාධිපතියෝ ද ධනපතියෝ ද බලවන්තයෝ ද දාසයෝ ද නිර්දාසයෝ ද යන මේ සියලු දෙනා ගුහාවලත්, කඳු සහ පර්වත අතරේත් සැඟවුණෝ ය.


ඔව්හු දෙදෙන ගොස් පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පෙනෙන්නට සිටියෝ ය. පිලිස්තිවරු කතා කරමින්, “අන්න, හෙබ්‍රෙව්වරු සැඟවී සිටින ගුහාවලින් පිටතට එමින් සිටිති”යි කීවෝ ය.


මම නුඹලාට විරුද්ධ වන්නෙමි. නුඹලාගේ සතුරන් ඉදිරියෙහි නුඹලා මරනු ලබන්නහු ය. නුඹලාගේ සතුරෝ නුඹලා පාලනය කරන්නෝ ය. කෙනෙකු නුඹලා ලුහුබැඳ නොයන විට පවා නුඹලා පලා යන්නහු ය.


ඉශ්රායෙල්වරුන් බීජ වැපුරූ හැම විට ම මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග වැසියෝ ද ඔවුන්ට පහර දෙන්නට පැමිණියෝ ය.


ඉෂ්මායෙල් තමා විසින් මරන ලද මිනිසුන් හෙළාදැමූ වළ විශාල එකකි. එය ආසා රජු විසින් ඉශ්රායෙල්වරුන්ගේ රජු වූ බයෙෂාගෙන් ආරක්ෂා වන පිණිස සාදන ලද වළ ය. නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් තමා මැරූ අයගේ මළකඳන්වලින් ඒ වළ පිරෙව්වේ ය.


අහෝ මෝවබ් වැසියෙනි! නගර අත්හැර පර්වතවල වාසය කරන්න. ගුහා විවර පැතිවල කැදලි සාදන පරෙවියා මෙන් වන්න.


ඔවුන් ඒ අවුරුද්දේ පටන් දසඅට අවුරුද්දක් ජොර්දානෙන් එගොඩ ගිලියද්හි තිබෙන අමෝරිවරුන්ගේ දේශයේ සිටි සියලු ඉශ්රායෙල් ජනයාට පීඩා කොට ඔවුන් මැඬලුවෝ ය.


තවද, අම්මොන්හි සෙනඟ ජුදා ගෝත්‍රයටත්, බෙන්ජමින් ගෝත්‍රයටත්, එප්‍රායිම් ගෝත්‍රයටත් විරුද්ධ ව යුද්ධ කරන පිණිස ජොර්දානෙන් මෙගොඩට ආවෝ ය. මෙසේ ඉශ්රායෙල් සෙනඟ බරපතල අමාරුවකට පත් වූ හ.


අඳුරු මිටියාවතේ අගල් හා කාණුවල ද පොළොවේ වළවල් හා ගුහාවල ද ඔව්හු වාසය කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්