Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 5:9 - Sinhala New Revised Version

9 සෙනඟ අතරෙන් සිය කැමැත්තෙන් ම, ඉදිරියට ආ සෙනෙවියන් කෙරේ මාගේ සිත ඇලුම් වේ. සමිඳුන් හට ගී පසස් දෙව්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 සෙනඟ අතරෙන් සිය කැමැත්තෙන් ම, ඉදිරියට ආ සෙනෙවියන් කෙරේ මාගේ සිත ඇලුම් වේ. සමිඳුන් හට ගී පසස් දෙව්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 සෙනඟ අතරෙන් කැමැත්තෙන්ම ඉදිරියට ආ ඉශ්‍රායෙල් ආණ්ඩුකාරයන් කෙරේ මාගේ සිත ඇලුම්වේ; ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 5:9
11 හුවමාරු යොමු  

“අධිපතීන් ඉශ්රායෙල්හි මූලික ව ගිය බැවින්, සෙනඟ සිය කැමැත්තෙන් ඉදිරියට ආ බැවින්, සමිඳුන් හට දෙව් ගී පැසසුම්.


එබැවින්, ඔබ පොරොන්දු වී ඇති දීමනාව කල් තියා සූදානම් කරන පිණිස, මට පෙරටුව යන මෙන් සහෝදරයන්ගෙන් ඉල්ලීම අවශ්‍ය යයි සිතුවෙමි. එවිට, ඒ දීමනාව බල කිරීම නිසා දෙන දෙයක් නොව ත්‍යාගශීලී ව දෙන්නක් බව පැහැදිලි වනු ඇත.


ඔහු අපගේ ඉල්ලීම පිළිගත්තා පමණක් නොව, සිය කැමැත්තෙන් ම ඔබ වෙත පැමිණීමට ලොකු උනන්දුවක් දැක්වී ය.


දීමට උද්‍යෝගිමත් බවක් ඇති නම් දෙවියන් වහන්සේ, යමෙකුගෙන් නැති දේ නොඉල්ලා, යමෙකුට ඇති පමණින් දෙන දීමනාව පිළිගන්නා සේක.


සෙනඟ එසේ කැමැත්තෙන් ම ඒවා ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීති වුණෝ ය. මන්ද, ඔවුන් අවංක සිතකින් සමිඳාණන් වහන්සේට ඒවා පූජා කළ බැවිනි. දාවිත් රජු ද ඉමහත් ප්‍රීතියකට පත් විය.


ඊළඟට සිටියේ, කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේගේ සේවයට බාර වූ ශික්රීගේ පුත් අමසියා ය. ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ දෙලක්ෂයක් සිටියෝ ය.


ජෙරුසලමෙහි වාසය කිරීමට කැමැත්තෙන් ම පැමිණි සියලු මනුෂ්‍යයන්ට සෙනඟ ආශීර්වාද කළෝ ය.


හෙසකියා ද අධිපතීහු ද අවුත් ඒ ගොඩවල් බලා සමිඳාණන් වහන්සේටත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් ප්‍රශංසා කළෝ ය.


මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.


ඔබ සතුරන් සමඟ සටන් කරන දවසේ දී ඔබේ සෙනඟ සිය කැමැත්තෙන් ඔබට එකතු වන්නෝ ය. අලුයම පිනි මෙන්, ඔබේ තරුණයෝ ඔබ වෙත පැමිණෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්