Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 5:8 - Sinhala New Revised Version

8 ඔවුන් අමුතු දෙවිවරුන් තෝරාගත් කල, දොරටු කරා යුද්ධය පැමිණියේ ය. ඉශ්රායෙල්හි සතළිස්දහසක් අතරේ පලිහක් වත්, හෙල්ලයක් වත් දකින්නට ලැබුණේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඔවුන් අමුතු දෙවිවරුන් තෝරාගත් කල, දොරටු කරා යුද්ධය පැමිණියේ ය. ඉශ්රායෙල්හි සතළිස්දහසක් අතරේ පලිහක් වත්, හෙල්ලයක් වත් දකින්නට ලැබුණේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඔව්හු අමුතු දෙවිවරුන් තෝරා ගත්තෝය; එවිට යුද්ධය දොරටුවලට පැමුණුණේය. ඉශ්‍රායෙල්හි සතළිස් දහසක් අතරේ පලිහක්වත් හෙල්ලයක්වත් දකිනුලැබුයේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 5:8
8 හුවමාරු යොමු  

එහෙත්, ඔව්හු ඒ වීර නායකයන්ට වත් සවන් නොදී උන් වහන්සේට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන ඔවුන්ට නමස්කාර කළෝ ය. සමිඳාණන් වහන්සේගේ ආඥාවලට කීකරු ව සිටි ඔවුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ක්‍රියා නොකොට, ඔවුන් ගිය මාර්ගයෙන් වහා ම ඉවත් ව ගියෝ ය.


ඔව්හු තමන්ගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අතහැර, අන් දෙවිවරුන් එනම්, තමන් අවට සිටි මනුෂ්‍ය ජාතීන්ගේ දෙවිවරුන් අනුව ගොස් ඔවුන්ට නමස්කාර කළෝ ය. එසේ කිරීමෙන් ඔව්හු සමිඳාණන් වහන්සේ කෝප කළෝ ය.


ඔහුට යකඩ රථ නවසියයක් තිබිණි. ඔහු ඉශ්රායෙල් සෙනඟට විසි අවුරුද්දක් තුළ බලවත් ලෙස පීඩා කෙළේ ය. එබැවින් ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය.


දෙබොරා නම් මා නැඟී එන තෙක්, ඉශ්රායෙල්ට මා මවක වන තෙක් ඉශ්රායෙල්හි ප්‍රධානීහු කොහෙත් ම නොසිටියෝ ය.


ළිං වටේ රැස් ව ජය හඬ නඟන සෙනඟ, සමිඳුන්ගේ ජය ශ්‍රී සමරති. සෙනඟගේ විජය ශ්‍රී ඔව්හු පසසති. එවිට සමිඳුන්ගේ සෙනඟ සිය නගරවලින් ගමන් කළහ.


මා මෙසේ කරන්නේ, සෙනඟ මා අත්හැර, මේ ස්ථානය දූෂණය කර, ඔවුන් වත්, ඔවුන්ගේ පියවරුන් වත්, ජුදාහි රජවරුන් වත් දැනහැඳින නොසිටි දෙවිවරුන්ට මෙහි සුවඳ දුම් ඔප්පු කරන නිසාත්, නිදොස් ලෙයින් මේ ස්ථානය පුරවා තිබෙන නිසාත් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්