Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 21:8 - Sinhala New Revised Version

8 තවදුරටත් ඔව්හු කතා කරමින්, “ඉශ්රායෙල් ගෝත්‍රවලින් මිශ්පාහි සමිඳාණන් වහන්සේ ඉදිරියට නොපැමිණියේ කවුරු දැ”යි ඇසූ හ. ජාබෙෂ්-ගිලියද්හි සිට කිසිවෙකු රැස්වීමට සහභාගි වන පිණිස කඳවුරට නොපැමිණි බව දැනගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 තවදුරටත් ඔව්හු කතා කරමින්, “ඉශ්රායෙල් ගෝත්‍රවලින් මිශ්පාහි සමිඳාණන් වහන්සේ ඉදිරියට නොපැමිණියේ කවුරු දැ”යි ඇසූ හ. ජාබෙෂ්-ගිලියද්හි සිට කිසිවෙකු රැස්වීමට සහභාගි වන පිණිස කඳවුරට නොපැමිණි බව දැනගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 තවද ඔව්හු: ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ස්වාමීන්වහන්සේ වෙත මිශ්පාට නාවේ කොයි එකදැයි අසා යාබෙෂ්-ගිලියද්හි සිට කිසිවෙක් සභාව සමඟ කඳවුරට නා බව දැනගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 21:8
9 හුවමාරු යොමු  

ඔවුන්ගෙන් ඉතිරි ව සිටින්නන්ට භාර්යාවන් ලැබෙන පිණිස අපි කුමක් කරමු ද? අපේ දූවරුන් ඔවුන්ට භාර්යාවන් වශයෙන් නොදෙන හැටියට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අපි දිවුළෙමු”යි කීවෝ ය.


සෙනඟ ගණන් කර බැලූ විට ජාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් කිසිවෙකු වත් එහි නැති බව පෙනී ගියේ ය.


එවිට ඔහු ගොන් බානක් ගෙන උන් කැබලිවලට කපා, “සාවුල් ද සාමුවෙල් ද කැටුව යුද්ධයට යමෙක් නොයනු ඇද්ද ඔහුගේ හරකුන්ට මෙසේ ම කරනු ලැබේ ය” කියා ඒ කැබලි පණිවුඩකාරයන් අත ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට යැවී ය. එවිට සෙනඟ පිට සමිඳාණන් වහන්සේ කෙරෙහි භීතියක් පහළ වී ඔව්හු සියලු දෙනා එක් කෙනෙකු මෙන් පිටත් ව ආවෝ ය.


ජාබෙෂ්-ගිලියද්හි සියල්ලන් පිලිස්තිවරුන් සාවුල්ට කළ සියල්ල ඇසූ විට,


‘සමිඳුන්ගේ උදව්වට සතුරන්ට විරෝධය පා ඉදිරියට නා බැවින් මෙරොස්හි වැසියන්ට සාප වේවා’යි සමිඳුන්ගේ දූතයා කී ය.


ඔව්හු පණිවුඩකාරයන්ට කතා කොට, “ ‘හෙට මද්දහනට පෙර ගිලියද්හි ජාබෙෂ් නගරය මුදනු ලබනු ඇතැ’යි ජාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන්ට කියන්නැ”යි කීවෝ ය. පණිවුඩකාරයෝ ගොස් ජාබෙෂ්හි සෙනඟට එපවත් දැන්නුවෝ ය; ඔව්හු ද ප්‍රීතියෙන් පිනා ගියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්