Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 20:2 - Sinhala New Revised Version

2 දෙවියන් වහන්සේගේ සෙනඟගේ මේ රැස්වීමට ඉශ්රායෙල්හි සියලු ගෝත්‍රවල ප්‍රධානීහු පැමිණ සිටියහ. කඩු රැගත් පාබල සේනාව හාරලක්ෂයක් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 දෙවියන් වහන්සේගේ සෙනඟගේ මේ රැස්වීමට ඉශ්රායෙල්හි සියලු ගෝත්‍රවල ප්‍රධානීහු පැමිණ සිටියහ. කඩු රැගත් පාබල සේනාව හාරලක්ෂයක් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 එවිට මුළු සෙනඟ වන සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානීහු කඩුව පාවිච්චිකරන පාබළ මනුෂ්‍යයන් හාර ලක්ෂයක්වූ, දෙවියන්වහන්සේගේ සෙනඟවූ සභාව මැද නැගිට සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 20:2
9 හුවමාරු යොමු  

ශෙබා ද ශල්මුන්නා ද පසළොස්දහසක් දෙනාගෙන් සමන්විත වූ ඔවුන්ගේ සේනාව සමඟ කර්කොර්හි සිටියෝ ය. පූර්ව දිශාවේ වැසියන්ගෙන් ඉතිරි වූයේ මේ අය පමණකි. මන්ද, යුද්ධයේ දී එකසිය විසිදහසක් දෙනා නැසුණෝ ය.


බෙන්ජමින්වරුන් හැර, කඩු රැගත් ඉශ්රායෙල්වරු සාරලක්ෂයක් ගණන් කරනු ලැබූ හ. ඔව්හු පලපුරුදු යුද්ධ භටයෝ ය.


ගිබියාවෙහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත්සියයක් හැර, නගරවලින් රැස් වූ කඩු රැගත් බෙන්ජමින්වරු විසිහයදහසක් ඒ දවසේ දී ගණන් කරනු ලැබූ හ.


මෝවබ් රජ සටන ඉතා වේගයෙන් තමාට විරුද්ධ ව යන බව දැක, සේනාව මැදින් බිඳගෙන ඒදොම් රජු කරා යන පිණිස කඩු ගත් මනුෂ්‍යයන් හත්සියයක් රැගෙන ආවේ ය. එහෙත්, ඔවුන්ට යන්නට නුපුළුවන් විය.


ජෝවාබ් ගණන් කළ සෙනඟගේ මුළු ගණන රජුට දැන්වී ය. අවි ආයුධ දැරීමට දක්ෂ මිනිසුන්ගේ ගණන ඉශ්රායෙල්හි අටලක්ෂයක් ද ජුදාහි පන්ලක්ෂයක් ද වූ හ.


ඉශ්රායෙල්වරුන් මිශ්පාට ගිය බව බෙන්ජමින්වරුන්ට සැළ විය. “මේ දුෂ්ටකම සිදු වුණේ කෙසේ ද කියා කියන්නැ”යි ඉශ්රායෙල්වරු ඇසුවෝ ය.


සාවුල් ඔවුන් බෙශෙක් නගරයෙහි එක්රැස් කෙළේ ය. ඉශ්රායෙල්වරු තුන් ලක්ෂයක් ද ජුදාවරු තිස් දහසක් ද එහි සිටියෝ ය.


ඉශ්රායෙල් සෙනඟ ඒ බව ඇසූ කල ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට යන පිණිස මුළු ඉශ්රායෙල් ජනතාව ෂිලෝහි රැස් වුණෝ ය.


ස්ත්‍රිය ද මෙසේ කීවා ය: “එසේ වී නම්, ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟට විරුද්ධ ව එබඳු දෙයක් කරන්නට කල්පනා කෙළේ මන් ද? ඔබ පන්නා දැමූ ඔබේ පුත්‍රයාට ආපසු එන්නට ඉඩ දී නැත. එබැවින් ඔබ කී දෙයින් ම ඔබ වරදකරුවෙක් වන්නෙහි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්