Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 17:3 - Sinhala New Revised Version

3 ඔහු තමාගේ මවට රිදී කාසි එක්දහස් එකසියය නැවත දුන්නේ ය. එවිට ඔහුගේ මවු කතා කොට, “කැපූ රූපයක් ද වාත්තු පිළිමයක් ද සෑදීමට මම මේ රිදී මාගේ ම අතින් මාගේ පුත්‍රයා වෙනුවෙන් සමිඳාණන් වහන්සේට සැබැවින් ම කැප කෙළෙමි. දැන් ඒවා මම නැවත ඔබට දෙමි”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔහු තමාගේ මවට රිදී කාසි එක්දහස් එකසියය නැවත දුන්නේ ය. එවිට ඔහුගේ මවු කතා කොට, “කැපූ රූපයක් ද වාත්තු පිළිමයක් ද සෑදීමට මම මේ රිදී මාගේ ම අතින් මාගේ පුත්‍රයා වෙනුවෙන් සමිඳාණන් වහන්සේට සැබැවින් ම කැප කෙළෙමි. දැන් ඒවා මම නැවත ඔබට දෙමි”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඔහු තමාගේ මවුට රිදී එකොළොස් සියය නැවත දුන්නේය, එවිට ඔහුගේ මවු කථාකොට: කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද සෑදීමට මම මේ රිදී මාගේ අතින් මාගේ පුත්‍රයා වෙනුවෙන් ස්වාමීන්වහන්සේට සැබවින්ම කැපකෙළෙමි. දැන් ඒවා නැවත නුඹට දෙමියි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 17:3
21 හුවමාරු යොමු  

“නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න.


“බොරු දේව පිළිම වෙත නොහැරෙන්න; ලෝහයෙන් වාත්තු කළ දෙවිවරුන් සාදා නොගන්න. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.


මා සමඟ නමස්කාරය ලැබීමට නුඹලා රිදීයෙන් හෝ රනින් හෝ දෙවිවරුන් නොසාදන්න.’


ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත. එපමණක් නොව, ඔබ මරණයට පත් කරන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැ යි සිතන කාලයක් පැමිණෙන්නේ ය.


ඔව්හු හැම දෙන අඥාන ය, මෝඩ ය. ඒ ලී පිළිමවලින් උගත හැකි දෙයක් ඇද් ද?


සෙනඟ තමන් කැමැති සේ ක්‍රියා කරති. පූජා කරන පිණිස ගොනෙකු මරන සේ ඔව්හු මිනිසුන් මරති. බැටළු පැටවෙකු පූජා කරන්න මරන සේ බල්ලෙකුගේ බෙල්ල කඩති. ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නා වැනි ය. තුවරලා දවමින් සිහි කිරීමේ පූජාවක් පිදීම පිළිමයකට බුහුමන් කිරීමක් වැනි ය. ඔව්හු හිතුමතේ කරන පිළිකුල් සහිත පූජාවලට ප්‍රිය වෙති.


ඔව්හු ඔහුට කතා කොට, “අප යන මේ ගමන සඵල වේ ද කියා අප දැනගන්න පිණිස දෙවියන් වහන්සේගෙන් විමසන්නැ”යි කී හ.


මීකා කතා කරමින්, “ලෙවීවරයෙකු මට පූජකකමට සිටින නිසා සමිඳාණන් වහන්සේ මට යහපත කරන සේකැ යි දැන් දනිමි”යි කී ය.


ඔවුන්ගේ පූජාසන කඩාදමා, රූපස්තම්භ බිඳදමා, අෂේරා කප් කණු ගින්නෙන් පිළිස්සිය යුතු ය. ඔවුන්ගේ දෙවිදේවතාවන්ගේ නෙළූ පිළිම ද සිඳදමා, එම ස්ථානවලින් ඔවුන්ගේ නාම මකාදැමිය යුතු ය.


“වාත්තු කළ දෙව් පිළිම සාදා නොගත යුතු ය.


ඔහු සිය මවට කතා කොට, “ඔබේ රිදී කාසි එක්දහස් එකසියය සොරකම් කරනු ලැබූ විට, ඔබ සොරා පිට සාපයක් තැබුවෙහි ය. ඔබ සාප කරනවා මට ඇසිණි. බලන්න, ඒ කාසි මා ළඟ ඇත. ඒවා ගත්තේ මම ය”යි කීවේ ය. ඔහුගේ මව, “මාගේ පුත්‍රය, සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක්වා”යි කීවා ය.


ඔහු ඒ මුදල නැවත ඔහුගේ මවට දුන් කල, ඔහුගේ මව රිදී කාසි දෙසියයක් රැගෙන කම්කරුවෙකුට දුන්නා ය. ඔහු එයින් කැපූ රූපයක් ද වාත්තු පිළිමයක් ද සෑදුවේ ය. ඒවා මීකාගේ ගෙයි තිබුණේ ය.


දාන්වරු වාත්තු රූපය පිහිටුවා ගත්තෝ ය. මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත් ජොනාතන් ද ඔහුගේ පුත්‍රයෝ ද රට වැසියන් වහල්කමට ගෙනයනු ලැබූ දවස දක්වා දාන් ගෝත්‍රයට පූජකයෝ වූවෝ ය.


රිදීයෙන් ද රනින් ද ඔප දමන ලද දේව රූප ගෙන, “නුඹලා අපෙන් ඉවත් වෙත්වා”යි කියමින් ඔබ ඒවා කුණු කසළ මෙන් විසිකර දමන්නහු ය.


‘සමිඳාණන් වහන්සේට පිළිකුලක් වන ශිල්පියෙකුගේ හස්ත කර්මාන්තයක් ද වන නෙළූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මිනිසාට සාප වේ වා!’ මුළු සෙනඟ පිළිතුරු දෙමින්, ‘ආමෙන්’ කිව යුතු ය.


ඔහු සෑදූ දේවතා රූපය ද දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි තැබී ය. ඒ මාලිගාව ගැන දෙවියන් වහන්සේ දාවිත්ටත්, ඔහුගේ පුත් සලමොන්ටත් කතා කොට, “මේ මාලිගාවෙහිත්, මා විසින් සියලු ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙන් තෝරාගනු ලැබූ ජෙරුසලමෙහිත් මාගේ නාමය සදහට ම පවතින්නට සලසන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්