Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 14:5 - Sinhala New Revised Version

5 සම්සොන් ඔහුගේ මවුපියන් සමඟ තිම්නා නගරයට පිටත් ව ගියේ ය. තිම්නාහි මිදිවතුවලට පැමිණි කල, සිංහ නාම්බෙකු ඔහුට ගොරවනවා ඇසුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 සම්සොන් ඔහුගේ මවුපියන් සමඟ තිම්නා නගරයට පිටත් ව ගියේ ය. තිම්නාහි මිදිවතුවලට පැමිණි කල, සිංහ නාම්බෙකු ඔහුට ගොරවනවා ඇසුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 පසුව සම්සොන්ද ඔහුගේ මව්පියෝද තිම්නාට යන්ට ගියෝය. තිම්නාහි මිදිවතුවලට පැමිණි කල බලව, තරුණ සිංහයෙක් ඔහුට ගෙරෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 14:5
10 හුවමාරු යොමු  

බොහෝ වීර ක්‍රියා කළ, කබ්ශෙයෙල් ජාතිකයෙකු වූ ජෙහෝයාදාගේ පුත් බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේ ය. හිම වැටෙන දවසක දී ඔහු ගොස් වළක් ඇතුළෙහි වූ සිංහයෙකු මැරුවේ ය.


බොහෝ වීර ක්‍රියා කළ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත් ජෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි ශ්‍රේෂ්ඨ සෙබළුන් දෙදෙනා මැරුවේ ය. ඔහු හිම වැටෙන දවසක දී වළකට බැස ගොස් එහි ඇතුළේ සිටි සිංහයෙකු මැරුවේ ය.


ඔබ, සිංහයෙකු වුවත්, සර්පයෙකු වුවත් පාගන්නෙහි ය; ඔබ කේශර සිංහයෙකු වුවත්, මකරෙකු වුවත් පාගා දමන්නෙහි ය.


ඔවුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සිංහයන් මෙන් ගොරවා ඇත; මහා හඬින් ගොරවා ඇත. ඔවුන් දේශය පාළු කර ඇත. එහි නගර දැන් නටබුන් ය. කිසිවෙක් එහි ජීවත් නොවෙති.


ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් පරාජය කළහ. යුක්තිය ඉටු කළහ. දේව පොරොන්දු අත් කර ගත්හ, සිංහයන්ගේ කට වැසූ හ.


බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දට ද එතැනින් කෙසාලොන් වන ජෙයාරීම් කන්දට උතුරු පැත්තෙන් ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස තිම්නා දක්වා විය.


සිහිසන් ඇති ව අවදි ව ඉන්න. ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා, ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලගනිම් දෝ හෝ යි සොයමින් ඔබමොබ ඇවිදින්නේ ය.


මේ කටයුත්ත සම්බන්ධයෙන් ක්‍රියා කෙළේ, සමිඳාණන් වහන්සේ බව ඔහුගේ දෙමවුපියෝ නොදැන සිටියෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටන් කිරීමට අවස්ථාවක් සොයමින් සිටි සේක. ඒ කාලයේ දී පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් පාලනය කළෝ ය.


එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේ ය. සම්සොන් තමාගේ අතේ කිසිදු අවියක් නැති ව, එළු පැටවෙකු ඉරා දමන ලෙස ඌ ඉරා දැමුවේ ය. එහෙත්, ඔහු කළ දේ ඔහුගේ පියාට වත්, මවට වත් ඔහු දැන්නුවේ නැත.


මම ඌ පස්සේ ගොස්, ඌට පහර දී ඌගේ කටින් බැටළුවා ගළවාගන්නෙමි. ඌ මට කඩාපැන්න විට මම ඌ බෙල්ලෙන් අල්ලා ඌට පහර දී මරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්