Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 14:2 - Sinhala New Revised Version

2 ඔහු අවුත් තම පියාටත් මවටත් කතා කොට, “පිලිස්තිවරුන්ගේ දූවරුන්ගෙන් එක් කාන්තාවක තිම්නාහි දී මම දිටිමි. ඈ මාගේ බිරිඳ කරගන්න පිණිස මට ඈ ලබාදෙන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඔහු අවුත් තම පියාටත් මවටත් කතා කොට, “පිලිස්තිවරුන්ගේ දූවරුන්ගෙන් එක් කාන්තාවක තිම්නාහි දී මම දිටිමි. ඈ මාගේ බිරිඳ කරගන්න පිණිස මට ඈ ලබාදෙන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ඔහු අවුත් තමාගේ පියාටත් මවුටත් කථාකොට: පිලිස්තිවරුන්ගේ දූවරුන්ගෙන් එක් ස්ත්‍රියක් තිම්නාහිදී දුටිමි. ඈ මට භාර්යාකොට ලබාදෙන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 14:2
8 හුවමාරු යොමු  

ෂෙකෙම් සිය පියා වන හාමොර්ට කතා කොට, “මේ තරුණිය මට බිරිඳ කොට ලබා දෙන්නැ”යි ඉල්ලී ය.


ඔහු පදිංචි වූ පාළුකරය පාරාන් නම් විය. ඔහුගේ මව ඔහුට මිසර දේශයෙන් බිරිඳක ගෙන දුන්නා ය.


ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් උත්තර දෙමින්, “ ‘ඔබේ දුව මාගේ පුතාට භාර්යාව කොට දෙන්න’ කියා ලෙබනොන්හි වූ කටු පඳුර වැනි සුළු තැනැත්තා ලෙබනොන්හි වූ කිහිරි ගස වැනි උතුම් තැනැත්තාට කියා යැවී ය. එහෙත්, ලෙබනොන්හි වන මෘගයෙක් ඒ ළඟින් යන විට කටු පඳුර පාගාදැමුවේ ය.


ජුදා තම කුලුඳුල් පුත් ඒර්ට තාමාර් නමැති ස්ත්‍රියක විවාහ කොට දුනි.


සම්සොන් තිම්නා නගරයට ගියේ ය. එහි දී ඔහු පිලිස්ති ජාතික එක් කාන්තාවක දුටුවේ ය.


එවිට ඔහුගේ මවුපියෝ ඔහුට කතා කොට, “ඔබ අචර්මඡේදිත පිලිස්තිවරුන්ගෙන් බිරිඳක ගන්නට යන්නේ, ඔබේ ඥාතීන්ගේ දූවරුන් අතරේ වත්, අපේ සෙනඟ අතරේ වත් කාන්තාවක නැති නිසා දැ”යි ඔහුගෙන් ඇසූ හ. එහෙත් සම්සොන්, “ඒ කාන්තාව මට ලබා දෙන්න, මම ඈට කැමැත්තෙමි”යි තම පියාට කීවේ ය.


විවාහ වී දරුදැරියන් ලබාගන්න; නුඹලාගේ පුත්‍රයන්ට භාර්යාවන් ද දූවරුන්ට පුරුෂයන් ද ලබා දී දරුදැරියන් ලැබීමට ඔවුන්ට ඉඩ සලසා දෙන්න. මෙසේ නුඹලාගේ සංබ්‍යාව අඩුවන්නට ඉඩ නොදී වැඩි කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්