Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 12:3 - Sinhala New Revised Version

3 ඔබ මා නොගැළෙවු බව දුටු විට මම මාගේ ජීවිතය නොතකා, අම්මොන්වරුන්ට විරුද්ධ ව එගොඩට ගියෙමි. සමිඳාණන් වහන්සේ ඔවුන් මා අතට පාවා දුන් සේක. ඉතින් ඔබ හැම මට විරුද්ධ ව සටන් කරන්නට අද දවසේ මා වෙත ආවේ කුමක් නිසා දැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔබ මා නොගැළෙවු බව දුටු විට මම මාගේ ජීවිතය නොතකා, අම්මොන්වරුන්ට විරුද්ධ ව එගොඩට ගියෙමි. සමිඳාණන් වහන්සේ ඔවුන් මා අතට පාවා දුන් සේක. ඉතින් ඔබ හැම මට විරුද්ධ ව සටන් කරන්නට අද දවසේ මා වෙත ආවේ කුමක් නිසා දැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 නුඹලා මා ගැළෙවුවේ නැති බව මම දුටුවිට මාගේ ජීවිතය නොසලකා අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව එගොඩට ගියෙමි, ස්වාමීන්වහන්සේද ඔවුන් මා අතට පාවාදුන්සේක. ඉතින් නුඹලා මට විරුද්ධව සටන්කරන්ට අද දවසේ මා ළඟට ආවේ මක්නිසාදැයි ඔවුන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 12:3
11 හුවමාරු යොමු  

මෙන්න, දෙවියන් වහන්සේ අප කෙරෙහි ප්‍රධාන ව අප සමඟ සිටින සේක; උන් වහන්සේගේ පූජකයෝ ද ඔබ හැමට විරුද්ධ ව පිඹින පිණිස හොරණෑ ගෙන සිටිති. ඉශ්රායෙල්වරුනි, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව සටන් නොකරන්න; මන්ද, ඔබට ද ජය අත් නොවන්නේ ය.”


මම බෙල්ලේ වැල දමාගන්නට කැමැත්තෙමි; දිවි නසාගන්නට පවා සූදානම් ය.


ඔබ උදෙසා මාගේ දිවි පිදීමට මම නිතර ම සූදානම් ය. එහෙත්, ඔබේ ව්‍යවස්ථාව මම අමතක නොකරමි.


මා පමණක් නොව, සියලු විජාතික සභාවෝ ද ඔවුන්ට කෘතඥතාව දක්වති.


ඔව්හු බැටළු පෝතකයාණන්ගේ යාගික රුධිරය නිසා ද, තමන් සාක්ෂි දැරූ පණිවුඩය නිසා ද ඔහුගෙන් ජය ගත්තෝ ය. මන්ද, ඔව්හු මරණයට වත් බිය නොවී දිවි දීමට සූදානම් ව සිටියහ.


එබැවින් මම ඔබට විරුද්ධ ව වරදක් නොකෙළෙමි. එසේ වුව ද මට විරුද්ධ ව යුද්ධ කිරීමෙන් ඔබ මට අයුත්තක් කරන්නෙහි ය. විනිශ්චයකාරයාණන් වන සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් හා අම්මොන්වරුන් අතරේ අද විනිශ්චය කරන සේක් වා.”


ජෙප්තා ඔවුන්ට කතා කොට, “මාගේ සෙනඟත්, මමත් අම්මොන්වරුන්ට විරුද්ධ ව තදබල ආරාවුලක යෙදී සිටියෙමු. මා ඔබට අඬගැසූ නමුත්, ඔවුන්ගේ අතින් ඔබ මා නොගැළෙවුවහු ය.


එවිට ජෙප්තා ගිලියද්හි සියලු මිනිසුන් රැස් කරවාගෙන එප්‍රායිම්ට විරුද්ධ ව යුද්ධ කෙළේ ය. එසේ කෙළේ, “එප්‍රායිම්වරුන් හා මනස්සේවරුන් අතර වසන ගිලියද්වරුනි, ඔබ එප්‍රායිම් කෙරෙන් පලා ගිය අය යැ”යි එප්‍රායිම්වරුන් කී බැවිනි.


මාගේ පියා තමාගේ ජීවිතය නොතකා ඔබ උදෙසා යුද්ධ කර මිදියන්වරුන්ගේ අත්වලින් ඔබ ගැළෙවුවේ ය.


ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?”


ඒ ස්ත්‍රිය සාවුල් ළඟට අවුත්, ඔහු බොහෝ සේ කැළඹී සිටින බව දැක, ඔහුට කතා කොට, “ඔබේ දාසී වන මම ඔබේ හඬට කීකරු ව මාගේ ජීවිතය නොසලකා ඔබ මට කී දේ කෙළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්