Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 11:2 - Sinhala New Revised Version

2 ගිලියද්ගේ භාර්යාව ඔහුට දාව පුත්‍රයන් ලැබුවා ය. ඔහුගේ භාර්යාවගේ පුත්‍රයන් වැඩි වයසට පැමිණි කල, ඔව්හු ජෙප්තාට කතා කොට, “ඔබ අන් ස්ත්‍රියකගේ පුතෙකු බැවින්, අපේ පියාගේ ගෙදර උරුමකරුවෙක් නොවන්නෙහි ය” කියා එළවාදැමුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ගිලියද්ගේ භාර්යාව ඔහුට දාව පුත්‍රයන් ලැබුවා ය. ඔහුගේ භාර්යාවගේ පුත්‍රයන් වැඩි වයසට පැමිණි කල, ඔව්හු ජෙප්තාට කතා කොට, “ඔබ අන් ස්ත්‍රියකගේ පුතෙකු බැවින්, අපේ පියාගේ ගෙදර උරුමකරුවෙක් නොවන්නෙහි ය” කියා එළවාදැමුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ගිලියද්ගේ භාර්යාව ඔහු නිසා පුත්‍රයන් බිහිකළාය; ඔහුගේ භාර්යාවගේ පුත්‍රයන් වැඩිවයසට පැමිණි කල ඔව්හු යෙප්තාට කථාකොට: නුඹ අන්‍ය ස්ත්‍රියෙකුගේ පුතෙක් බැවින් අපේ පියාණන්ගේ ගෙදර උරුමක්කාරයෙක් නොවන්නෙහිය කියා ඔහු එළවා දැම්මෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 11:2
10 හුවමාරු යොමු  

ඒ මඟින්, දුසිරිතට සිත දුන් ස්ත්‍රියකගෙන්, ඉච්චා බස් දොඩන ස්ත්‍රියකගෙන්,


අවජාතක යමෙකු ද සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය. එවැන්නෙකුගෙන් පැවතෙන අය දස වන පරම්පරාව දක්වා ම සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය.


එහෙත්, ඒ දේශයෙහි සාගතයක් පැවතිණි. සාගතය අති උග්‍ර වූ බැවින්, ආබ්‍රම් තාවකාලික පදිංචියට මිසරයට ගියේය.


මාගේ පුත්‍රය, ඔබ පරදාර සේවනයෙන් උමතු වන්නේ කුමට ද? සල්ලාල ගැහැණියක වැළඳගන්නේ මන් ද?


වෙසඟනගේ දෙතොලින් මී පැණි වෑහෙයි; ඇගේ තෙපුල් ඔලීව තෙලට වඩා සුමුදු ය;


එහෙත් ශුද්ධ ලියවිල්ලෙහි කුමක් කියා ඇද් ද? “වහල් ස්ත්‍රිය හා ඇගේ දරුවා පන්නාදමන්න; මන්ද, නිවහල් ස්ත්‍රියගේ පුත්‍රයාට, වහල් ස්ත්‍රියගේ පුත්‍රයා සමඟ උරුමය නොලැබෙන්නේ ය” යනුයි.


ගිලියද් වැසියෙකු වූ ජෙප්තා බලසම්පන්න හේවායෙක් විය. ඔහු වේශ්‍යා ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියාගේ නම ගිලියද් ය.


එවිට ජෙප්තා තමාගේ සහෝදරයන් ඉදිරියෙන් පලා ගොස් ටෝබ් දේශයේ වාසය කෙළේ ය. කමකට නැති මිනිස්සු ජෙප්තාට එකතු වී ඔහු කැටුව ගියෝ ය.


එබැවින් ඈ ආබ්‍රහම්ට කතා කොට, “මේ දාසියත්, ඇගේ පුතාත් එලවා දමන්න, මේ දාසියගේ පුතු මාගේ පුත්‍රයා වන ඊසාක් සමඟ උරුමකරු නොවිය යුතු ය”යි කීවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්