Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 1:4 - Sinhala New Revised Version

4 ජුදා ගෝත්‍රය එසේ නැඟී ගිය කල, සමිඳාණන් වහන්සේ කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද ඔවුන්ගේ අතට පාවා දුන් සේක. ඔව්හු බෙශෙක්හි දී මිනිසුන් දසදහසකට පහර දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ජුදා ගෝත්‍රය එසේ නැඟී ගිය කල, සමිඳාණන් වහන්සේ කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද ඔවුන්ගේ අතට පාවා දුන් සේක. ඔව්හු බෙශෙක්හි දී මිනිසුන් දසදහසකට පහර දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 යූදා එසේ නැගී ගිය කල ස්වාමීන්වහන්සේ කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද ඔවුන්ගේ අතට පාවාදුන්සේක. ඔව්හු බෙශෙක්හිදී මනුෂ්‍යයන් දසදහසකට පහර දුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 1:4
17 හුවමාරු යොමු  

සාවුල් ඔවුන් බෙශෙක් නගරයෙහි එක්රැස් කෙළේ ය. ඉශ්රායෙල්වරු තුන් ලක්ෂයක් ද ජුදාවරු තිස් දහසක් ද එහි සිටියෝ ය.


ඔහු රජු ළඟට ආ කල රජු ඔහුට කතා කොට, “මීකායා, අපි රාමොත්-ගිලියද්ට විරුද්ධ ව යුද්ධයට යමු ද නොයමු දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ගොස් ජය ගත මැනව, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි උත්තර දුන්නේ ය.


එවිට ඉශ්රායෙල් රජ දිවැසිවරුන් වන හාරසියයක් පමණ මිනිසුන් රැස් කොට, “මම රාමොත්-ගිලියද්ට විරුද්ධ ව යුද්ධයට යම් ද නොයම් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු කතා කොට, “ගිය මැනව, මන්ද, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ‍ ය.


ඔවුන් ළඟට එන්නැ යි අපට කීවොත්, අපි ඔවුන් වෙත නැඟී යමු. සමිඳාණන් වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබෙන බවට එය ලකුණකි.”


ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අපි අර අචර්මඡේදිත නීචයන්ගේ මුර හමුදාව ළඟට යමු. සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇත. මන්ද, බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ අප ගළවන්නට සමිඳාණන් වහන්සේට බැරිකමක් නැතැ”යි කීවේ ය.


එබැවින් අද දින ඔබ මෙය වටහාගත යුතු ය. ඔබට පෙරටුවෙන් වඩින තැනැන් වහන්සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. බුර බුරා නඟින ගින්නකින් මෙන් උන් වහන්සේ ඔවුන් වනසාලනු ඇත. ඔබ බලා සිටිය දී ම උන් වහන්සේ ඔවුන්ගේ බලය බිඳිනු ඇත. එවිට උන් වහන්සේ වදාළ පරිදි ඔබ ඔවුන් පන්නාදමා, විගස වනසාදමනු ඇත.


උන් වහන්සේ ඔබට ඔවුන් පාවා දුන් පසු ඔබ ඔවුන්ට පහර දී සහමුලින් ම ඔවුන් වැනසිය යුතු ය. ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කර නොගත යුතු ය. ඔවුන්ට දයාවක් නොපෙන්විය යුතු ය.


ජුදාගේ ගෝත්‍රය සිමියො‍න් නම් තම සහෝදර ගෝත්‍රයට කතා කොට, “අප කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපට හිමි උරුම කොටසට ඔබත් අප සමඟ එන්න; අපිත් ඔබේ උරුම කොටසට ඔබ සමඟ එන්නෙමු”යි කී හ. මෙසේ සිමියො‍න්ගේ ගෝත්‍රය ජුදාගේ ගෝත්‍රය සමඟ ගියහ.


බෙශෙක්හි දී අදොනි-බෙශෙක් ඔවුන්ට හමු විය. ඔව්හු ඔහුට විරුද්ධ ව යුද්ධ කොට කානානිවරුන්ටත්, පෙරිස්සිවරුන්ටත් පහර දුන්නෝ ය.


ඔබේ බාහු බලයෙන් මිසදිටු ජාතීන් පලවා හැර, ඔබේ සෙනඟ ඔබ එහි වාසය කරවූ සේක; විජාතීන්ට පහර දී ඔබේ ම සෙනඟට සව්සිරි සැපත දුන් සේක.


එහි පෙර විසූ මිසදිටු ජාතීන් පන්නාදමා ඔවුන්ට ඒ රට උරුම කොට බෙදා දුන් සේක; ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්රායෙල් ගෝත්‍රයන් පදිංචි කරවූ සේක.


ඉශ්රායෙල් සෙනඟ කානානිවරුන් ද හිත්තීවරුන් ද අමෝරිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් ද ජෙබුසිවරුන් ද අතරෙහි වාසය කළහ.


මෙසේ ජෙප්තා අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස ඔවුන් කරා ගියේ ය. සමිඳාණන් වහන්සේ ද ඔහු අතට ඔවුන් පාවා දුන් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්