Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 1:15 - Sinhala New Revised Version

15 ඈ ද, “මට වරයක් දුන මැනවි. ඔබ වියළි පෙදෙසක් වන දකුණු දිශාව මට දී තිබෙන බැවින් දිය උල්පත් ද මට දුන මැනවැ”යි කීවා ය. එවිට කාලෙබ් ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඈට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඈ ද, “මට වරයක් දුන මැනවි. ඔබ වියළි පෙදෙසක් වන දකුණු දිශාව මට දී තිබෙන බැවින් දිය උල්පත් ද මට දුන මැනවැ”යි කීවා ය. එවිට කාලෙබ් ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඈට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 ඈද: මට වරයක් දුනමැනවි; මක්නිසාද ඔබ දකුණු රටක් මට දී තිබේ, දිය උල්පත්ද මට ලැබේවයි කීවාය. එවිට කාලෙබ් ඉහළ උල්පත්ද පහළ උල්පත්ද ඈට දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 1:15
9 හුවමාරු යොමු  

නපුරට නපුර වත්, නින්දාවට නින්දාව වත් නොකරන්න. ඒ වෙනුවට, ආශීර්වාදයක් උරුම වන පිණිස ඔබ කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාද ම කරන්න.


වරින් වර වහින වැහි වතුර උරාගනිමින් ගොවීන්ට සුදුසු අස්වැන්නක් දෙන පොළොවට දෙවියන් වහන්සේගෙන් ආශීර්වාද ලැබේ.


එබැවින්, ඔබ පොරොන්දු වී ඇති දීමනාව කල් තියා සූදානම් කරන පිණිස, මට පෙරටුව යන මෙන් සහෝදරයන්ගෙන් ඉල්ලීම අවශ්‍ය යයි සිතුවෙමි. එවිට, ඒ දීමනාව බල කිරීම නිසා දෙන දෙයක් නොව ත්‍යාගශීලී ව දෙන්නක් බව පැහැදිලි වනු ඇත.


ඉතින් ඔබේ මෙහෙකාරී වන මා විසින් මාගේ ස්වාමියා වන ඔබට ගෙනෙන ලද මේ තෑග්ග මාගේ ස්වාමියා වන ඔබ පස්සේ යන තරුණයන්ට දුන මැනව.


එවිට අබිගායිල් කඩිනමින්, රොටි දෙසියයක් ද මිදියුස බඳුන් දෙකක් ද කෑමට පිළියෙළ කළ බැටළුවන් පස්දෙනෙකු ද විලඳ නැළි පහක් ද වියළි මුද්‍රික පල පොකුරු සියයක් ද අත්තික්කා කැටි දෙසියයක් ද රැගෙන, ඒවා කොටළුවන් පිට පැටෙවුවා ය.


එබැවින්, කරුණාකර ඔබ වෙත ගෙනා මාගේ තිළිණය පිළිගන්න. මන්ද, දෙවියන් වහන්සේ මට කරුණා පෑ බැවින් මට උවමනා තරම් ඇතැ”යි කියා ඔහුට පෙරැත්ත කළෙන් ඒසව් එය බාරගත්තේ ය.


ඈ පිළිතුරු දෙමින්, “මට වරයක් දුන මැනවි; ඔබ වියළි රටක් වන නෙගෙබ් රට මට දී තිබෙන බැවින් දිය උල්පත් ද මට දුන මැනව”යි කීවා ය. එවිට ඔහු ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඈට දුන්නේ ය.


ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්නට ඔහු ඈට පෙරැත්ත කෙළේ ය. ඈ කොටළුවා පිටින් බැස්සා ය. එවිට කාලෙබ් ඈට කතා කොට, “ඔබට ඕනෑ කුමක් දැ”යි ඇගෙන් ඇසී ය.


කේනීය ජාතිකයෙකු වූ මෝසෙස්ගේ මාමණ්ඩියගේ පරම්පරාව ජුදා සෙනඟ සමඟ ඉඳි ගස් නම් නුවර සිට අවුත්, අරාද්ට දකුණෙන් තිබෙන ජුදා පාළුකරයට ගොස් අමලෙක්වරුන් සමඟ වාසය කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්