Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 9:10 - Sinhala New Revised Version

10 එහෙත්, පාප පූජාවට පිදූ සතාගේ තෙල ද වකුගඩු ද අක්මාව මත තිබූ සිවිය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු පූජාසනය මත දැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එහෙත්, පාප පූජාවට පිදූ සතාගේ තෙල ද වකුගඩු ද අක්මාව මත තිබූ සිවිය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු පූජාසනය මත දැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එහෙත් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ හැටියට තෙලද වකුගඩුද පාප පූජාවේ අක්මාවේ දැලද පූජාසනය පිට දැවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 9:10
13 හුවමාරු යොමු  

මුළු විශ්වය මැව්වේ මම ය. එබැවින් සියලු දේ මාගේ ය. යටහත්, තැළුණු සිත් ඇති මාගේ වචනයට කීකරු වන මිනිසා මට ප්‍රිය මනාප වේ.


උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක: “යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි.


එහෙත්, එතුමන් පෙළනු ලැබුවේත්, දුකට පත් කරනු ලැබුවේත් සමිඳාණන්ගේ කැමැත්ත ලෙස ය. මෙසේ එතුමන්ගේ මරණය පව් කමා කරන පූජාවක් වේ. එබැවින් එතුමෝ සිය පරපුර දැක, දීර්ඝායු ලැබ ජීවත් වන්නා හ. එතුමන් මඟින් සමිඳුන්ගේ කැමැත්ත මැනවින් සඵල වේ.


මාගේ පුත්‍රය, ම වදන් සිතට ගන්න, මා දෙන ඔවාබස් පිළිගන්න.


දෙවිඳුන් ප්‍රිය පඬුර නම්, බිඳුණු හදවතකි. දෙවිඳුනි, ඔබ තැළුණුබිඳුණු සිතක් ඉවත නොදමන සේක.


අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති තෙල් පිඬ ද වකුගඩු දෙක හා එහි ඇති තෙල ද ගෙන පූජාසනය මත පිළිස්සිය යුතු ය.


ආරොන්ගේ පුත්‍රයන් ද වස්සාගේ ලෙය ඔහු වෙත ගෙනා විට, ඔහු එහි තම ඇඟිල්ල ගල්වා පූජාසනයේ අං පිට තවරා, ඉතිරි ලෙය පූජාසනයේ පාමුල වත් කෙළේ ය.


එහෙත්, වස්සාගේ මාංසය සහ හම කඳවුරෙන් පිටත ගින්නේ දැවී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්