Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 8:4 - Sinhala New Revised Version

4 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු ඉටු කළ විට, මුළු සභාව සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ රැස්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු ඉටු කළ විට, මුළු සභාව සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ රැස්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 මෝසෙස් ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස කෙළේය; සභාවද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට රැස්වූවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 8:4
19 හුවමාරු යොමු  

මා ඔබට බාර දුන්නේ මා ලබාගත් දෙය ම බව ප්‍රධාන කොට කිව යුතු ය. එනම් ශුද්ධ ලියවිල්ල ප්‍රකාර ක්‍රිස්තුන් වහන්සේ අපගේ පාප උදෙසා මළ බවත්,


මා ඔබට ඉගැන් වූ මේ පිළිවෙත ම සමිඳාණන් වහන්සේගෙන් ම ලැබුවෙමි. එනම්, ස්වාමීන් වන ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ දී රොටියක් රැගෙන,


මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.


“මා අණ කරන සෑම දෙයක් ම ඔබ ආරක්ෂා කොට පිළිපදින්න. ඒවාට අමතර ව යමක් එකතු නොකළ යුතු ය. ඒවායින් යමක් අඩු නොකළ යුතු ය.


එබැවින් ඔබ දිවා රෑ, හත්දිනක් සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ සමිඳාණන් වහන්සේගේ අණ පිළිපදිමින් නැවතී සිටිය යුතු ය. එලෙස නොකළොත්, ඔබ නසින්නහු ය. මක්නිසා ද උන් වහන්සේ මට එසේ අණ කළ සේකැ”යි කීවේ ය.


ඉන්පසු මෝසෙස් සතාගේ ළපැත්ත ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙළේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ පරිදි, එය වනාහි කැප කිරීමේ බැටළුවාගෙන් මෝසෙස්ට හිමි කොටස වේ.


එහෙත්, සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ගවයාගේ ඉතිරි කොටස් වන උගේ හම සහ මාංසය ද ගොම ද කඳවුරෙන් පිටත ගින්නේ දැවී ය.


එවිට ඔහු ආරොන්ගේ පුත්‍රයන් ද කැඳවා සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි, ඔවුන්ට කබා හඳවා, ඉඟ පටි බැඳ හිස් වැසුම් පැළඳවී ය.


ඔහුගේ හිස මත මකුටය ද ඊට උඩින් ඉදිරියෙන් රන් තහඩුව වන ශුද්ධ කිරීටය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි තැබුවේ ය.


සිහින් ව කටින ලද හණවලින් හා නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ගොතන ලද බඳපටියක් ද සෑදූ හ. මේ සියල්ල ම සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ඉටු කළහ.


මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි පූජක සළුවේ වාටිය දිගේ ම රන් මිණිගෙඩියක් හා දෙළුම් ගෙඩියක් බැගින් මාරුවෙන් මාරුවට තිබිණි.


තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ළය වැස්ම, ඒපොද් සැට්ටයේ ගොතන ලද බඳපටිය මත තිබෙන පිණිසත්, එය ඒපොද් නම් සැට්ටයෙන් බුරුල් නොවී පවතින පිණිසත් එහි මුදු, ඒපොද් සැට්ටයේ මුදුවලට නිල් පැහැති පටියකින් බඳින ලදී.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඉශ්රායෙල් ජනයා පිළිබඳ සිහිවටනයක් වන පිණිස, ඔහු ඒවා ඒපොද් නම් සැට්ටයේ උර පටිවල දැමී ය.


එය සමඟ ඒකාබද්ධ ව පවතින සේ, එය හා සමාන වූ ගොතන ලද බඳපටිය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් සාදන ලදී.


තවද ඔව්හු නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් ගෙන ශුද්ධස්ථානයේ සේවාවන් සඳහා පූජක සේවා නිල ඇඳුම් සෑදූ හ. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි ආරොන් සඳහා ශුද්ධ වස්ත්‍ර සාදන ලදී.


මුළු ජනතාව සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ රැස් කරවන්නැ”යි වදාළ සේක.


එවිට ඔහු ජනතාව අමතමින්: “සමිඳාණන් වහන්සේ ඉටු කිරීමට අණ කළ දේ මේ ය”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්