Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 8:13 - Sinhala New Revised Version

13 එවිට ඔහු ආරොන්ගේ පුත්‍රයන් ද කැඳවා සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි, ඔවුන්ට කබා හඳවා, ඉඟ පටි බැඳ හිස් වැසුම් පැළඳවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එවිට ඔහු ආරොන්ගේ පුත්‍රයන් ද කැඳවා සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි, ඔවුන්ට කබා හඳවා, ඉඟ පටි බැඳ හිස් වැසුම් පැළඳවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු ආරොන්ගේ පුත්‍රයන් ගෙන්වා, ඔවුන්ට දික් යට ඇඳුම් හඳවා, ඉණපිටි ඔවුන්ගේ ඉඟටිවල බැඳ, ඔවුන්ගේ හිස්වල ඔටුනු බැන්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 8:13
15 හුවමාරු යොමු  

අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළ සේක; ඔව්හු මිහි පිට රජකම් කරන්නාහ,”


තම පියාණන් වන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස උන් වහන්සේ අප රාජකීය පූජක වංශයක් කළ සේක. ඒ තැනැන් වහන්සේට, මහිමය ද බලපරාක්‍රමය ද සදහට ම වේ වා! ආමෙන්.


එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය.


ආත්මික ගෘහයක් ගොඩනඟන ලෙස ඔබ ජීවමාන ගල් මෙන් උන් වහන්සේ වෙත පැමිණ, එහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින්, දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන්න.


මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි; මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක.


එහෙත් නුඹලා, ‘සමිඳුන්ගේ පූජකයෝ ය’යි කියනු ලබන්නහු ය. මිනිසුන් නුඹලාට, ‘අපේ දේව සේවකයෝ ය’යි කියනු ඇත. නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්ති විඳ, ඔවුන්ගේ වස්තු හිමි කරගනු ඇත.


ඔබේ පූජකයෝ දැහැමිකමින් සැරසෙත් වා! ඔබේ සැදැහැවත්හු තුති ගොස කරත් වා!


පසුව ආරොන් පූජක නිලයේ මා හට සේවා කරනු පිණිස ඔහුට ශුද්ධ වස්ත්‍ර හඳවා, ආලේප කොට, කැප කළ යුතු වේ.


එවිට ඔව්හු ළං වී, මෝසෙස් කී ලෙස ඔවුන්ගේ වස්ත්‍ර පිටින් ම කඳවුරෙන් පිටතට ඔවුන් ගෙන ගියහ.


පූජකයන් එහි ඇතුළු වුණා ම ඔව්හු ශුද්ධස්ථානයෙන් පිට මළුවට නොයන්නෝ ය. සේවය කිරීමට ඔවුන් අඳින වස්ත්‍ර ද එහි තබන්නෝ ය. මන්ද, ඒවා ශුද්ධ ය. ඔව්හු වෙන වස්ත්‍ර හැඳගෙන සෙනඟට නියමිත තැන්වලට පැමිණෙන්නෝ ය”යි කී ය.


සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ ප්‍රකාරයට ම මෝසෙස් සියල්ල ඉටු කෙළේ ය.


ඔහු සතාගේ අතුණු හා කකුල් වතුරෙන් සෝදා සතා මුළුමනින් ම පූජාසනය මත දැවී ය. එය වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට පුදන සුමිහිරි සුවඳක් සහිත දවන යාග පූජාවකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්