Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 25:22 - Sinhala New Revised Version

22 අට වන අවුරුද්දේ නුඹලා වපුරන විට නව වන අවුරුද්ද දක්වා කලින් ලැබූ පලදාව නුඹලාට අනුභව කළ හැකි ය. මෙසේ ඒ අවුරුද්දේ අස්වැන්න නෙළන තෙක් නුඹලාට කෑමට කලින් ලැබුණු පලදාව ප්‍රමාණවත් වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 අට වන අවුරුද්දේ නුඹලා වපුරන විට නව වන අවුරුද්ද දක්වා කලින් ලැබූ පලදාව නුඹලාට අනුභව කළ හැකි ය. මෙසේ ඒ අවුරුද්දේ අස්වැන්න නෙළන තෙක් නුඹලාට කෑමට කලින් ලැබුණු පලදාව ප්‍රමාණවත් වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 එසේ නුඹලා අටවෙනි අවුරුද්දේ වපුරා පරණ ඵලයෙන් කන්නහුය; නවවෙනි අවුරුද්දේ ඵල ලැබෙන තුරුම පරණ ඵල කන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 25:22
6 හුවමාරු යොමු  

“මෙය නුඹට ලකුණක් වන්නේ ය. එනම්, මේ අවුරුද්දේ ඉබේ ම හටගන්න ධාන්‍ය සහ දෙ වන අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනු ඇත. තුන් වන අවුරුද්දේ නුඹලා අස්වැන්න වපුරා කපාගන්න. මිදි වතුත් වවා ඒවායේ පල කන්න.


නුඹලා කලින් රැස් කළ අස්වැන්නෙන් අනුභව කොට, නව අස්වැන්න පැමිණෙන විට පරණ අස්වැන්නෙන් ඉතිරි වන කොටස නුඹලාට ඉවත් කරන්නට සිදු වනු ඇත.


එවිට යෙසායා හෙසකියා රජුට මෙසේ කී ය: “සිදු වන්න යන දේ පිළිබඳ ව මෙන්න ඔබට ලකුණක්: මේ අවුරුද්දේ ඉබේ හටගත් දෙයින් ඔබ කන්නෙහි ය; දෙ වන අවුරුද්දේ ඔබට කන්න ලැබෙන්නේ එයින් ඇති වන දෙයයි. තුන් වන අවුරුද්දේ දී ඔබට ධාන්‍ය වපුරා අස්වැන්න කපාගන්නත්, මිදි වතු වවා මිදි පල කන්නත් හැකි වන්නේ ය.


“දේශය අයිති මට බැවින් එය නිත්‍ය අයිතියක් වන ලෙස නොවිකිණිය යුතු ය. මාගේ ආගන්තුකයන් වන නුඹලා මා සමඟ කලක් නේවාසික ව සිටින්නහු ය.


එහෙත්, හය වන දවසේ දී, ඔවුන් දිනපතා එකතු කර ගන්නාක් මෙන් දෙගුණයක් ගෙන, එය පිළියෙළ කළ යුතු ය”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්