Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 24:3 - Sinhala New Revised Version

3 සම්මුඛ මණ්ඩපයේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඇති තිරයට පිටතින් ඒවා සවස සිට උදය දක්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නිතර ම දැල්වෙමින් තැබීමට ආරොන් වග බලාගත යුතු ය. මෙය නුඹලාගේ පෙළපත තුළ සදහට ම වලංගු නියෝගයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 සම්මුඛ මණ්ඩපයේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඇති තිරයට පිටතින් ඒවා සවස සිට උදය දක්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නිතර ම දැල්වෙමින් තැබීමට ආරොන් වග බලාගත යුතු ය. මෙය නුඹලාගේ පෙළපත තුළ සදහට ම වලංගු නියෝගයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 සම්මුඛවීමේ කූඩාරමෙහි සාක්ෂියේ තිරයට පිටතින් සවස පටන් උදය දක්වා ආරොන් ඒක ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිතරම පිළියෙළකර තබන්නේය. ඒක නුඹලාගේ පරම්පරාවලට නිරන්තර පනතක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 24:3
6 හුවමාරු යොමු  

තිරයට පිටතින් ගිවිසුම් කරඬුව ඉදිරිපිට සම්මුඛ මණ්ඩපයෙහි, උදය පටන් සවස දක්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දැල්වෙන පිණිස ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්, මේ පහන තැබිය යුතු වේ. මෙය ඉශ්රායෙල් ජනයා හා ඔවුන්ගේ පෙළපත් සදහට ම පිළිපැදිය යුතු නියෝගයක් වන්නේ ය.”


“පහන් නිතර ම දැල්වෙමින් පවතින පිණිස ඒවා සඳහා ඉස්තරම්, පිරිසිදු ඔලීව තෙල් ගෙනෙන්න ඉශ්රායෙල් ජනයාට අණ කරන්න.


තවද, ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නිතර ම තනි රන් පහන් රුක මත ඒවා තැබීමට අණ කළ යුතු ය.”


නුඹ තෙල වත්, ලෙය වත් කෑමට නොගත යුතු ය. නුඹ වාසය කරන්නේ කොතැනක වේවා, මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.”


නුඹලා ශුද්ධස්ථානය හා පූජාසනය පිළිබඳ වගකීම භාරගත යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව මින්මතු මම රොස් නොවන්නෙමි.


සාමුවෙල් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තිබුණු සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයෙහි නිදාගෙන සිටියේ ය. එහි පහන එතෙක් දැල්වෙමින් තිබුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්