Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 23:38 - Sinhala New Revised Version

38 මෙකී මංගල්‍ය, සමිඳාණන් වහන්සේගේ සබත් දින, උන් වහන්සේට දෙන නුඹලාගේ පඬුරුවලට, බාරවලට හා ස්වේච්ඡා පූජාවලට අමතර ව වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 මෙකී මංගල්‍ය, සමිඳාණන් වහන්සේගේ සබත් දින, උන් වහන්සේට දෙන නුඹලාගේ පඬුරුවලට, බාරවලට හා ස්වේච්ඡා පූජාවලට අමතර ව වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

38 ඒ ඒ දවසට නියම ලෙස ස්වාමීන්වහන්සේට ගින්නෙන් කරන පූජාවක් වන දවන පූජාවක්ද ආහාර පූජාවක්ද යාගයක්ද පාන පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ සභා රැස්වීම් කොට නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතු ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යයන් මේවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 23:38
15 හුවමාරු යොමු  

“නුඹලාගේ දවන යාග පූජාවලට ද ධාන්‍ය පූජා සහ පානීය පූජාවලට ද සහභාගිකමේ පූජාවලට ද අමතර ව මේවා නියමිත මංගල්‍ය දිනවල දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. තවද, මේවා පිදිය යුත්තේ බාරවලට පුදන පඬුරු හා ස්වේච්ඡා පඬුරුවලටත් අමතර ව ය.”


එම ස්ථානයට ඔබේ දවන යාග පූජා ද විශේෂ පඬුරු ද දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පූජා ද බාර ද ස්වේච්ඡා පූජා ද ගව පට්ටිවල හා එළු පට්ටිවල කුලුඳුල් සතුන් ද ඔබ ගෙනා යුතු ය.


“දවස් හයක් වැඩ කළ යුතු ය. හත් වන දින වන්දනාමාන පිණිස රැස්වීම් පවත්වන නිවාඩුවේ සබත් දිනය ය. එදින කිසි ම වැඩක් නොකළ යුතු ය. නුඹලා සියලු දෙන කොතැනක වාසය කළත්, එදින සමිඳාණන් වහන්සේට අයිති සබත් දින වේ.


නුඹලා එකිනෙකා තම තමාගේ පියාට හා මවට ගෞරව දැක්විය යුතු ය. සබත් දවස පැවැත්විය යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.


“ඒ ඒ දවසට නියමිත ලෙස කළ යුතු වූ, සමිඳාණන් වහන්සේට ගින්නෙන් කරන පූජාවන් නම්, දවන යාග පූජා, ධාන්‍ය පූජා, යාග පඬුරු සහ පානීය පූජාවන් ය. මෙම පූජා ඔප්පු කිරීම පිණිස ශුද්ධ සභා රැස්වීම කැඳවා ප්‍රකාශ කළ යුතු ය.


“හත් වන මාසයේ පසළොස් වන දින නුඹලා දේශයේ පලදාව රැස්කරගත් පසු, හත් දිනක් ම සමිඳාණන් වහන්සේට මංගල්‍ය පැවැත්විය යුතු ය. පළමු වන දවස හා අට වන දවස විවේක ගත යුතු දින විය.


“අධිපතියා ස්වේච්ඡා දවන පූජාවක් වත්, ස්වේච්ඡා සහභාගිකමේ පූජාවක් වත් සමිඳාණන් වහන්සේට පිළියෙළ කරන්න එන කල, නැගෙනහිරට තිබෙන දොර ඔහුට ඇර දිය යුතු ය. ඔහු සබත් දවසේ දී කරන ප්‍රකාරයට තමාගේ දවන යාග පූජාව ද සහභාගිකමේ පූජාව ද පිළියෙළ කර පිටතට යන්නේ ය. ඔහු ගිය පසු දොරටුව වසනු ලබන්නේ ය.”


නැගෙනහිර දොරටු පාලකයා වූ, ලෙවීයෙකු වූ ඉම්නාගේ පුත් කෝරේ සමිඳාණන් වහන්සේගේ පඬුරුත්, අතිශුද්ධ දේත් බෙදා දෙන පිණිස සිය කැමැත්තෙන් ම දෙවියන් වහන්සේට ඔප්පු කළ දේවල් බාර ව සිටියේ ය.


මන්ද, ඔබ, මා මරණින් මිදූ සේක. මාගේ පාද පැකිළීමෙන් වැළැක්වූ සේක. එසේ කෙළේ, ජීවනාලෝකයෙහි දෙවිඳුන් අබියස මා හැසිරෙන පිණිස ය.


එතුමාණෝ රජ දරුවන් මඬින සේක. ශ්‍රේෂ්ඨ භූපතීන් තුළ බිය ඇති කරවන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්