Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 23:21 - Sinhala New Revised Version

21 එදින නුඹලා ශුද්ධ නමස්කාරය පිණිස රැස්වන ලෙස ද බර වැඩ නොකරන ලෙස ද ප්‍රකාශ කළ යුතු ය. මෙය නුඹලාගේ පෙළපත් තුළ නුඹලා කොතැනක විසුවත්, සදහට ම වලංගු නියෝගයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එදින නුඹලා ශුද්ධ නමස්කාරය පිණිස රැස්වන ලෙස ද බර වැඩ නොකරන ලෙස ද ප්‍රකාශ කළ යුතු ය. මෙය නුඹලාගේ පෙළපත් තුළ නුඹලා කොතැනක විසුවත්, සදහට ම වලංගු නියෝගයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 එම දවසේම ශුද්ධ සභා රැස්වීමක් ප්‍රසිද්ධකර පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න. එය නුඹලාගේ සියලු වාසස්ථානවල නුඹලාගේ පරම්පරාවලට නිරන්තර පනතක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 23:21
14 හුවමාරු යොමු  

“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය පහත සඳහන් ඒවා ය කියා ප්‍රකාශ කළ යුතු ය.”


ලෙවීවරුන් සම්මුඛ මණ්ඩපය තුළ සේවය කරමින්, එහි සම්පූර්ණ වගකීම ඉසිලිය යුතු ය. මෙය ඔවුන්ගේ පෙළපතට සදහට ම වලංගු නියෝගයකි. ඉශ්රායෙල් ජනයා අතර ඔවුන්ට උරුම වන ඉඩකඩම් නොවනු ඇත.


නුඹලාගේ නාඹුල් පල පඬුර දෙවියන් වහන්සේ වෙත ගෙනෙන දින වන තෙක් නුඹලා අලුත් ධාන්‍ය රොටි මෙන් සාදා හෝ අමුවෙන් හෝ විළඳ ලෙස හෝ අනුභව නොකළ යුතු ය. නුඹලා කොතැනක වාසය කළත්, නුඹලාගේ පෙළපත් තුළ මෙය සදහට ම වලංගු නියෝගයකි.”


තවද, ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු, පහත දක්වන සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය, නියමිත කාලවල දී නුඹ ප්‍රකාශ කළ යුතු ය.”


“නුඹ සමඟ ද, නුඹෙන් පසු පරපුරෙන් පරපුරට නුඹෙන් පැවතෙන නුඹේ පෙළපත සමඟ ද, මාගේ ගිවිසුම පිහිටුවමි. මම නුඹේ ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපත්වල ද දෙවියන් වහන්සේ වන බවට මාගේ සදාතන ගිවිසුම පිහිටුවමි.


දාවිත් රජුගේ වංශයෙන් උද්ගත වන රජතුමා ජාතීන් හට සංඥාවක් වන කාලය පැමිණෙන්නේ ය. ජාතීහු එතුමන් සොයා යන්නෝ ය; එතුමන්ගේ වාසභවනය මහිමයෙන් පිරී යන්නේ ය.


මෙසේ කළ පසු දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවීමට තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේ ඉදිරියෙහි, ඔබ ද ඔබේ පුතා සහ දුව ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ඔබ සමඟ සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


පළමු වන දින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.


නුඹ තෙල වත්, ලෙය වත් කෑමට නොගත යුතු ය. නුඹ වාසය කරන්නේ කොතැනක වේවා, මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.”


පූජකවරයා නාඹුල් පල වශයෙන් ගත් රොටි සමඟ බැටළු පැටියන් දෙදෙනෙකු පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරමින් පුද කළ යුතු ය. උන් වහන්සේට ශුද්ධ පඬුරු වන ඒවා පූජකවරයාට හිමි වනු ඇත.


එදින නුඹලා බර වැඩ නොකළ යුතු ය. එහෙත්, ආහාර පූජාවක් ගින්නෙන් දවා ඔප්පු කළ යුතු ය.”


තිරයට පිටතින් ගිවිසුම් කරඬුව ඉදිරිපිට සම්මුඛ මණ්ඩපයෙහි, උදය පටන් සවස දක්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දැල්වෙන පිණිස ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්, මේ පහන තැබිය යුතු වේ. මෙය ඉශ්රායෙල් ජනයා හා ඔවුන්ගේ පෙළපත් සදහට ම පිළිපැදිය යුතු නියෝගයක් වන්නේ ය.”


එදින කිසි වැඩක් නොකළ යුතු ය. නුඹලා කොතැනක විසුවත් මෙය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්