Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 23:19 - Sinhala New Revised Version

19 ඉන්පසු පාප පූජාවක් සඳහා එක එළු පැටියෙකු ද සහභාගිකමේ පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකු ද පුද කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඉන්පසු පාප පූජාවක් සඳහා එක එළු පැටියෙකු ද සහභාගිකමේ පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකු ද පුද කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 තවද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ශාන්ති පූජාවක් පිණිස එක් අවුරුදු බැටළුපැටවුන් දෙන්නෙක්ද ඔප්පුකළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 23:19
10 හුවමාරු යොමු  

නුඹලාට පව් කමාව ලබාගැනීම සඳහා එක එළුවෙකු ද පිදිය යුතු ය.


දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.


මිනිස් දුර්වලතා නිසා, ව්‍යවස්ථාවට ඉටු කළ නොහැකි දෙය දෙවියන් වහන්සේ ඉටු කළ සේක. එසේ කෙළේ, පාපයේ බලය බිඳින පිණිස, ස්වකීය පුත්‍රයාණන්ට අපේ පාපී වූ මිනිස් කයට සමාන කයක් දී එවමින්, ඒ මිනිස් කයේ සිටිය දී දෙවියන් වහන්සේ විසින් පාපයට විරුද්ධ ව තීන්දුව දීමෙනි.


එසේ වූයේ ජනතාවට නොදැනුවත්කමින් නම්, මුළු ජනතාව ම සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳැති දවන යාග පූජාවක් වශයෙන් එක ගොන් වස්සෙකු ඔප්පු කළ යුතු ය. එය සමඟ සිරිත් පරිදි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද, පාප පූජාවක් සඳහා එළුවෙකු ද ඔප්පු කළ යුතු ය.


මෙසේ කළ පසු ඔහු සෙනඟ උදෙසා ඇති පාප පූජාවේ එළුවා මරා, තිරය පිටුපසට උගේ ලේ ගෙනැවිත්, ගොන් වස්සාගේ ලේ ගෙන කළ පරිදි, කරුණාසනය උඩටත්, ඉස්සරහටත් ලේ ඉසිය යුතු ය.


තවද, නුඹලා රොටි සමඟ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් හත් දෙනෙකු ද එක ගොන් වස්සෙකු ද එළුවන් දෙදෙනකු ද ඔප්පු කළ යුතු ය. ඒවා දවන යාග පූජාවක් ලෙස ධාන්‍ය පූජාව සහ පානීය පූජාව සමඟ සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. මෙලෙස ගින්නෙන් දවා පුදන පූජාව උන් වහන්සේට සුමිහිරි සුවඳක් වනු ඇත.


පූජකවරයා නාඹුල් පල වශයෙන් ගත් රොටි සමඟ බැටළු පැටියන් දෙදෙනෙකු පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරමින් පුද කළ යුතු ය. උන් වහන්සේට ශුද්ධ පඬුරු වන ඒවා පූජකවරයාට හිමි වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්