Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 20:5 - Sinhala New Revised Version

5 මම එවැන්නෙකුට ද එවැන්නෙකුගේ මුළු පවුලට ද මට අවිශ්වාසවන්ත වී මොලෙක් වැළඳගෙන ඔහුට පුද පූජා පවත්වන සියලු දෙනාට ද විරුද්ධ වී ඔවුන්ගේ සෙනඟ අතරෙන් ඔවුන් නෙරපා දමමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මම එවැන්නෙකුට ද එවැන්නෙකුගේ මුළු පවුලට ද මට අවිශ්වාසවන්ත වී මොලෙක් වැළඳගෙන ඔහුට පුද පූජා පවත්වන සියලු දෙනාට ද විරුද්ධ වී ඔවුන්ගේ සෙනඟ අතරෙන් ඔවුන් නෙරපා දමමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 මම ඒ මනුෂ්‍යයාටද ඔහුගේ පවුලටද විරුද්ධව මාගේ මුහුණ යොමුකොට, ඔහුද මොලෙක් සමඟ වේශ්‍යාකම් කරන්ට ඔහු සමඟ වේශ්‍යාකමට ගිය සියල්ලන්ද ඔවුන්ගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 20:5
13 හුවමාරු යොමු  

මෙසේ ඔව්හු මෙවැනි ක්‍රියාවලින් අපිරිසිදු වූ හ. ඔව්හු දෙවිඳුන් හට විශ්වාසී ව නොසිට වෙසඟනන් මෙන් හැසුරුණෝ ය.


ඈ කනකර අබරණ පළඳිමින්, පෙම්වතුන් පසුපස දුවමින්, බාල් දේවතාවන්ට සුවඳ දුම් පුදමින් මා අමතක කළ බැවින් මම ඈට දඬුවම් කරමි. මෙසේ පවසන්නේ සමිඳාණන් ය.”


ඔවුන්ගේ මව වෙසඟනකි; ඔවුන් වැදූ තැනැත්තී විලිබිය නැත්තියකි. ඈ මෙසේ කියයි: ‘මාගේ පෙම්වතුන් පසුපස මම යමි; ඔව්හු මට කෑම හා බීම ද ලොම් හා හණ ද මාගේ තෙල් හා පානය ද දෙති.’


ඔවුන්ටත්, ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධ වන පිණිස හැම කල්හි ම මා කෙරෙහි ගරුබිය දැක්වීමට එක ම හිතක් හා එක ම මඟක් ඔවුන්ට දෙන්නෙමි.


පාළු කඳු දෙසට ඇස් ඔසවා බලා, නුඹ වේශ්‍යාකම් නොකළ තැනක් ඇද්දැ යි බලන්න. කාන්තාරයේ බලා සිටින අරාබියෙකු සේ පෙම්වතුන් එන තෙක් නුඹ පාර අයිනේ බලා සිටියෙහි ය. නුඹේ දූෂිත වේශ්‍යාකම් නිසා නුඹ දේශය අපවිත්‍ර කෙළෙහි ය.


‘ඉශ්රායෙල් ජනයා අතරෙන් යමෙක් වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙක් වේවා, ලේ සහිත මාංස කෑමට ගතහොත්, එසේ කන තැනැත්තාට විරුද්ධ ව මාගේ මුහුණ හරවා ගනිමින් ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.


තවද, ඔවුන් යකුන් පසුපස ගොස් මට අවිශ්වාසවන්ත වී ඔවුන් වැළඳගෙන ඔවුන්ට පුද කළ පරිදි මින්පසු තවත් පූජා නොකළ යුතු ය. මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.


නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.


දේශයේ ජනතාව එවැන්නෙකු තම දරුවා මොලෙක්ට බිලි දුන් පසුත් ඔහු නොමරා, යම් හෙයකින් එය නොසලකා හැරියොත්,


තවද, යමෙකු මට අවිශ්වාසවන්ත වී ආත්ම බන්ධනකාරයන්ගෙන් ගුරුකම් ගන්න අය හා මන්ත්‍රකාරයන් පසුපස ගියොත්, මම එවැන්නෙකුට විරුද්ධ වී ඔහුගේ සෙනඟ අතරෙන් ඔහු නෙරපා දමමි.


ඇරත්, ඔහු ජුදා ගිරිකුළු දේවාල සාදා, ජෙරුසලමේ වැසියන් අන් දෙවිවරුන් ඇදහීමට පොළඹවා ජුදාවරුන් මුළා කරවී ය.


“එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ කියමි. ජුදා දේශය විනාශ වන ලෙස විපත් පැමිණවීමට මම තීරණය කරගතිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්